දියේ ගිලි දරුවෙක් අවාසනාවන්ත ලෙස අතුරුදන් වෙයි.

Sri Lanka Police Accident
By krishani Jan 30, 2023 01:45 AM GMT
Report

මරදන්කේනි - මාමුණෙයි ප්‍රදේශයේ දී මුහුදේ දිය නාමින් සිටි තිදෙනෙකු අතරින් 15 හැවිරිදි දරුවෙකු ඊයේ (29) දහවස් කාලයේ දී දියේ ගිලී අතුරුදන්ව ඇත.

එම අනතුර සිදුව ඇත්තේ දිය වැලකට හසුව බව පොලීසිය පවසයි.

එසේ අතුරුදන් වූ දරුවා නාගර් කොවිල් නැගෙනහිර, නාගර්කොවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර තවත් දරුවෙකු දියේ ගිලී ඇත.ඔහු පේදුරුතුඩුව රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය, නාවික හමුදාව, ධීවර ප්‍රජාව සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ දරුවා සෙවීමේ කටයුතු සිදුකරනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join