අවුරුදු උත්සවයකදී දරුවෙකු ජීවිතක්ෂයට..!
                                    
                    Anuradhapura
                
                                                
                    Sri Lanka
                
                                                
                    Sri Lanka Police Investigation
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    අවුරුදු උත්සවයක මැරතන් ධාවන තරගකරුවන්ගේ සහායට මාර්ගයේ දිවයමින් සිටි, ගල්කිරියාගම පොලිස් වසමේ පලාගල, කුඩාහෙට්ටාව ප්‍රදේශයේ 10 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
අද (22) පෙරවරුවේ පැවති මැරතන් ධාවන තරගය සඳහා සහභාගී වූ සිය වැඩිමහල් සහෝදරයාට සහාය දැක්වීමට පසුපසින් දිවගිය එම දරුවා මාර්ගයේ ඇද වැටී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
කඩිනමින් කලාවැව ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
දරුවාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය කැකිරාව රෝහලේදී සිදුකිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   |