බෙහෙත් පෙති සිරවීමෙන් කුඩා දරුවෙකු ජිවිතක්ෂයට..!

Galle Sri Lanka Hospitals in Sri Lanka
By Sewvandhi Oct 16, 2022 12:27 PM GMT
Report

බෙහෙත් පෙති කිහිපයක් සිරවීම හේතුවෙන් ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු තුනහමාරක දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ දරුවා ඊයේ (15) රෝහල් ගත කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.m

  දරුවාට වැළඳුනු සෙම්ප්‍රතිශ්‍යා රෝග තත්ත්වයට ලබා ගත් බෙහෙත් පෙති කිහිපයක් මව විසින් මේසයක් මත තබා ගොස් තිබියදී දරුවා එම බෙහෙත් පෙති අහුර කටෙහි දමා ගෙන ඇති අතර, එම අවස්ථාවේ දරුවාට හුස්ම ගැනීමට අපහසු වී තිබෙනවා.

වහාම ඔහු පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමෙන් අනතුරුව ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකර තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now