භාරකාර ආණ්ඩුවක් බිහිවන්නේ ඇයි?

Gotabaya Rajapaksa Ranil Wickremesinghe Sri Lanka Politician
By Wayomi May 13, 2022 07:12 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

රටේ ඇති වෙලා තියෙන ගැටළුකාරී තත්වයට තාවකාලික පැලැස්තර බැන්දා. ඒ අනුව ආණ්ඩුව විසින් භාරකාර ආණ්ඩුවකට මුල් ගල් තැබුවා. ඇත්තටම මොකක්ද මේ භාරකාර ආණ්ඩුවක් කියන්නේ.

ඒ, රටක් දේශපාලනික වශයෙත් අස්ථාවර වන විට හෝ රටක් ආර්ථික වශයෙන් අස්ථාවර වනවිට ස්ථාවරත්වයක් ඇති කරගැනීමට පිහිටුවන ආණ්ඩුවක්. ලොව බොහෝ රටවල් විවිධ අවස්ථාවලදී භාරකාර ආණ්ඩු ඇති කරගෙන තියෙනවා. ඉදිරියේදී රටේ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලන පක්ෂ එකතුව, අර්බුදයෙන් ගොඩ ඒමට යම් කාල සීමාවකට සදාගන්නා ආණ්ඩුවක් වශයෙන්ද මෙය හඳුන්වන්න පුළුවන්.

එය අගමැතිවරයෙක් සහිත කැබිනට් මණ්ඩලයක් සහිතයයි. සාමාන්‍යයෙන් සිදුවන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම බලයක් තිබෙන ප්‍රධාන පක්ෂයේ නායකවරයා අගමැති ධුරයට පත්වී, එම පක්ෂයෙන් අමාත්‍ය මණ්ඩලය පත්වීමයි. නමුත් භාරකාර ආණ්ඩුවකදී සිදුවන්නේ සියලු දේශපාලනික පක්ෂවලින් සැදුම්ලත් නමුත් එකම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීමයි.

මේ ආණ්ඩුවලට දිගු කාලයක් පවතින්න බැහැ. මොකද නිශ්චිත කාලයක් සඳහා නිශ්චිත ප්‍රතිපත්තියක් කරා යෑම වෙනුවෙන් ඔවුන් එකගතාවකට පැමිණිය යුතු වෙනවා. එනම් පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නට පෙර සර්වපාක්ෂික එකගතාවක් ඇති කරගැනීම සිදුකළ යුතුයි. ඒ සඳහා ඔවුන් රැස්වී කේවල් කිරීම් සිදුකර ගැනීමෙන් පසු අවබෝධතා ගිවිසුමක් ඇතිකර ගැනීම සිදුවිය යුතු වෙනවා. වෙනත් රටවල සර්වපාක්ෂික අඩු පිහිටුවා ගැනීම සිදුවන්නේ එලෙසින්. අවබෝධතා ගිසුමක් ඇති කර ගැනීමේදී එම ගිවිසුම තුළ සදහන් විය යුතු දෙයක් වන්නේ රටේ පවතින ඒ ඒ ගැටලු විසදන ක්‍රමවේදයයි.

මෙලෙස එකගතාවක් අනුව පිහිටුවා ගන්නා ආණ්ඩුව කෙටිකාලීනව පවත්වාගෙන ගොස්, යළි මැතිවරණය පැවැත්වීමට තීරණය කිරිමෙන් පසු වෙන වෙනම තම තමන්ගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරිම සිදුවෙනවා. බහු පක්ෂ තිබෙන රටවල සිදුවන්නේ ඒ ආකාරයටයි.

අන්තර්කාලීන ආණ්ඩුව බොහෝ විට සමාන වන්නේ භාරකාර ආණ්ඩුවකටය. අන්තර්කාලීන ආණ්ඩුවක් කියූ පමණින් අප සිතනා ජනාධිපති යම්කිසි ආකාරයකට විධායක ධුරයේ සිටියදී. ඔහුගේ ධුරය අහෝසි වූවිට යළි ජනාධිපතිවරයක් පවනතුරු පවතින තත්වයක් ලෙස. විශේෂයෙන් ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් යළි තවත් ජනාධිපතිවරයෙක් පත්වනතුරු තිබෙන තත්වය ලෙස බොහෝ දෙනා අදහස් කරනවා.