ව්‍යාපාරයක් පටන් ගන්න කළින් Plan එකේ තියෙන්නම ඕන දේවල්.
දැන් හැමතැනම ව්‍යාපාරිකයෝ ඉන්නවා.අපි හැමෝම උත්සහ කරන්නේ පොඩියට හරි ව්‍යාපාරයක් පටන් අරන් දියුණු වෙන්න. හැබැයි ඒක කරන්නම් වාලේ කරන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි.ඒ නිසා අළුතෙන්ම ව්‍යාපාරයක් පටන් ගන්න කලින් හිතන්න, plan කරන්න ගොඩක් දේවල් තියෙනවා.
මුලින්ම බිස්නස් එකට නමක් තෝරමු
? ව්‍යාපාරයකට නමක් තෝරනකොට කවුරුත් කිව්ව නිසාවත් ,ලස්සන නිසාවත් එකපාරට නමක් තෝර ගන්න එපා.
? ඒ නිසා නමක් ගැන හිතන්න කළින් පොඩ්ඩක් හොයලා බලන්න ලෝකයේම ජනප්‍රිය වෙලා තියෙන ව්‍යාපාර වල නම් මොනවද කියලා.ඊටපස්සේ ඔයා හොඳට හිතලා බලලා නමක් තෝර ගන්න.
? ඒ විදිහට නමක් හොයනකොට අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ ඒ නම හිතේ රැඳෙන නමක්ද කියලා.ඒ වගේම ඔයාට හිතෙනවා නම් ඒ නමින් website එකක් හදන්න ඕනේ කියලා ඒක හදන්න කළින් බලන්න ඒ නමින් වෙන websites තියෙනවද කියලා.එහෙම තියෙනවා නම් ඔයාට හැකියාවක් නැහැ ඒ නම භාවිතා කරන්න. ඒ නිසා හොඳට හොයලා බලලා සාර්ථක වෙන නමක් දාගන්න.
ඊළඟට වැදගත්ම දේ Logo එක
? ව්‍යාපාරයකට හදන Logo එක හැමෝගෙම මතකයේ රැඳෙන එකක් වෙන්න ඕනේ.නැත්නම් හැමෝම අතරේ ජනප්‍රිය වෙන්නේ නැහැනේ.
? ඒ වගේම ව්‍යාපාරයට අදාල letterheads, business cards, website සහ Social media වල Logo එකෙන් තමයි ව්‍යාපාරය ගැන පාරිභෝගිකයින් හඳුනගන්නේ.
? ඒ නිසා කිසිම දවසක Logo එක තමන්ම නිර්මාණය කරගන්න යන්න එපා.ඒකට හේතුව තමයි තමන් Logo එකක් නිර්මාණය කරනවා නම් හැදෙන්නේ තමන්ගේ ව්‍යාපාරයට සුවිශේෂී වුණු Logo එකකට වඩා කලින් දැකලා මතකයේ තියෙන වෙනත් Logo එකකට සමාන එකක්.
? හොඳම දේ තමයි ඒ ගැන පළපුරුදු කෙනෙක්ගෙන් උපදසේ ගන්න එක සහ ඊට ඔබේ අදහසුත් එකතු කිරීම.
Marketing Strategy එකක්
? Marketing Strategy කියන එක ගැන හැමෝටම දැනුමක් නැති වෙන්න පුළුවන්.
? හැබැයි ඔයාට පුළුවන් ඒ ගැන දැනුම ලබාදෙන ආයතනයක් හරහා උදව් ගන්න. මේකෙන් වෙන්නේ ඔයා ඉලක්ක කරන පාරිභෝගිකයා කවුද? එතකොට ව්‍යාපාරයට සුදුසු විකුණුම් ක්‍රම මොනවද ?දැන්වීම් කරන්නේ කොහොමද කියලා සැලසුම් කරන එක.
?ඔබේ ව්‍යාපාරයට හොඳ Marketing Strategy එකක් තියෙනවා නම් තරගකාරිත්වයට මුහුණ දෙන එක අමාරු නැහැ.
තනියෙන් කරන්න එපා.
? ව්‍යාපාරයක් පටන් ගත්ත මුල් කාලෙදි ගොඩක් අය ඒකටම හිරවෙලා රෑ දවල් එක දිගට තනියම වැඩ කරනවා. හැමදේම තනිවම කරගන්න කියලා හිතුවට ඒක ටිකක් අමාරුයි.
? ඒ නිසා වෙනදට වඩා වටපිටාවේ අයව ඇසුරු කරන්න මතක තියාගන්න. මොකද බිස්නස් එක පටන් ගත්ත ගමන් ඔයාගේ හිතේ තියෙන පීඩනය ගොඩක් වැඩියි.
? ඒ වගේම බිස්නස් දැනුම තියෙන අය එක්ක අදහස් හුවමාරු කරගන්න. එයාලාගේ අත්දැකීම් හොයලා බලන්න. එහෙම වෙනකොට ඔයාගේ ව්‍යාපාරයට අලුත් අදහස් හොයා ගන්න පුළුවන්.
Productive වෙන්න
? ගොඩක් අය වැඩ කරන්න ගියහම හරිම Busy.එහෙම වුණහම සමහර අය හිතාගෙන ඉන්නවා Busy වුණාම තමයි වැඩ කරනවා කියලා තේරෙන්නේ කියලා.
? හැබැයි ඒක එහෙම නැහැ.මොකද ඔයා අනවශ්‍ය වැඩ එක්ක Busy වුණොත් අවශ්‍ය දේවල් මගහැරෙන්න පුළුවන්.
? අනවශ්‍ය විදිහට busy නොවී ඒ වෙලාව ඵලදායී කරගන්න.ඒ නිසා දවසට කරන්න තියෙන වැඩ ටික ලියාගෙන දවස ඉවරවෙනකොට ඉතිරි වැඩ ටිකත් ඉවර කරගන්න වෙලාව හදාගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |