පහරදීමක් නිසා පුද්ගලික බස් රථ හිමියන් වර්ජනයක..

Nuwara Eliya Sri Lanka Sri Lanka Bus Strike Strike Sri Lanka
By Piyumika Jul 01, 2024 06:16 AM GMT
Report

බස් රථ දෙකකට පහරදීමේ සිදුවීමක් මුල්කර ගනිමින් තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ සියලුම පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව අද (01) දින වර්ජනයක නියලී සිටින බවට පුවතක් වාර්තා වේ .

රත්මලානේ ප්‍රසිද්ධ "බුරියා" අත්අඩංගුවට ..

රත්මලානේ ප්‍රසිද්ධ "බුරියා" අත්අඩංගුවට ..

එම මාර්ගයේ ධාවනය කරනු ලබන බස් රථ දෙකක් ලිඳුල ප්‍රදේශයේ රාත්‍රීයේ ගාල්කොට තබා තිබියදී කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් එම බස් රථවලට පහරදී අලාභ හානි සිදු කීරිමකට එරෙහිව පුද්ගලික බස් රථ හිමියන් විසින් මෙම වර්ජනය ආරම්භ කොට තිබේ.

බස් රථ වර්ජනයට තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ධාවනය වන සියලුම බස් රථ එකතු වී ඇති බව මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ තලවකැලේ ස්ථානභාර නිලධාරී සඳරුවන් අබේවික්‍රම පවසා ඇත .

15 දෙනෙකුට තුවාල සිදු කල බිහිසුනු බස් අනතුර..

15 දෙනෙකුට තුවාල සිදු කල බිහිසුනු බස් අනතුර..

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ආරම්භ කොට ඇති මෙම බස් රථ වර්ජනය හේතුවෙන් එම මාර්ගයේ පාසල් සිසුන්, කාර්යාලීය සේවකයන්, පුද්ගලික ආයතනවල සේවකයන් ඇතුළු සෙසු මගී ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව සිටී.