අරගල භුමියේ සිට රෝහල් ගත කල දරුවාගේ නවතම සෞඛ්‍ය තත්ත්වය

Galle Face Protest Sri Lanka Hospitals in Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Oct 10, 2022 07:52 AM GMT
Report

අරගල භූමියේ සිට ළමා රෝහලට ඇතුළත් කළ දරුවා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ, අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. එමෙන්ම දරුවාට භාහිර හෝ අභ්‍යන්තර කිසිදු රෝගී තත්ත්වයක් නොමැති බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඊයේ (09) එම දරුවා ඇතුළත් කර තිබූ අතර වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් දරුවා පරීක්ෂාකර බලා කිසිදු රෝගී තත්ත්වයක් නොමැති බැවින් දරුවා රෝහලෙන් පිටත්කර යැවීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් වෛද්‍ය ජී. විජේසූරිය මහතා කියා සිටියේය.

රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ, දරුවන් පිළිබඳ දෙමාපියන් වඩාත් සැලකිලිමත් විය යුතු බවත් එවැනි අරගලකාරී ස්ථානයන්ට දරුවන් රැගෙන යෑමට කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයක් බවය.

"දරුවාට බාහිර හෝ අභ්‍යන්තර කිසිදු රෝගී තත්ත්වයක් එහෙම නැත්නම් කිසිම තුවාල තත්ත්වයක් ඇතිවෙලා නෑ. දරුවා හොඳ තත්ත්වයේ ඉන්නවා. මේ තත්ත්වයට දරුවන් පත්කිරීමට කටයුතු කිරීම එතරම් සුදුසු නෑ. දරුවන් මෙවැනි අවස්ථාවන්වලට පෙලඹවීම සහ රැගෙන යෑම මම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. ඒක කිසිසේත්ම හොඳ කාරණාවක් නෙමෙයි. අපි දැනගන්න ඕනේ දරුවන්ව ආරක්ෂා කරගන්න."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now