රෝද තුනක් මත අතහැර දමා ගිය බිලිඳිය - මෙරටින් ඇසෙන සංවේදී පුවත..
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
තලවාකැලේ පොලීසියේ ස්ථානාධිපති සමන්ත පෙරේරා මහතා සඳහන් කළේ,තලවකැලේ හින්දු කොවිල අසල ගාල් කර තිබු ත්‍රිරෝද රථයක් තුල බිළිදියක අතහැර දමාගොස් සිටියදි හමුවූ බවයි.
ත්‍රිරෝද රථය දිනපතා කොවිල අසල ගාල් කර තැබෙන බවත්, නගරයේ පිරිසිදු කිරිමට පැමිණි තලවකැලේ ලිදුල නගර සභාවේ සේවකයන් ත්‍රිරෝද රථය තුළ කුඩා දරුවකු හඩන ශබ්දය ඇසි ඒ පිලිබදව සොයා බැලිමේදි ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ බිලිදියක් සිටින බවට දැක ඒ පිලිබදව තලවකැලේ පොලිසිය දැනුවත් කල බවත් එතුමා සඳහන් කළා.
දින 12-14 පමණ වයසැති බිළිඳිය මනා ශරිර සෞඛ්‍යයකින් සිටින බවත්, එම බිලිදියට තලවකැලේ පොලිස් නිලධාරිනියකුගෙන් මව් කිරි ලබා දි එම බිලින්දිය ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත භාරදුන් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |