ළිඳකට වැටී 12 හැවිරිදි දරුවෙක් මියයයි.

By Wayomi Feb 15, 2023 05:18 AM GMT
Report

සෙට්ටිකුලම පොලිස් වසමේ නිවසක් අසල පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටී දරුවෙක් මිය ගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, තුටුවායි, නෙරියකුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 12ක පිරිමි දරුවෙක්.

දරුවා නිවසේ නොමැති බව දැනගත් පියා සහ ප්‍රදේශවාසීන් දරුවා සොයා බැලීමේදී නිවස අසල පිහිටි ළිඳ තුළ වැටී සිටියදී හමු වී තිබෙනවා.

එම අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා දරුවා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට වෛද්‍යවරුන් පවසා ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  

JOIN NOW