අප්‍රේල් මස 29 කොළඹ ප්‍රදේශ රැසකට පැය 10ක ජල කප්පාදුවක්. ප්‍රදේශ මෙන්න.

Colombo Sri Lanka Water Cut
By Wayomi Apr 27, 2023 10:56 AM GMT
Report

අප්‍රේල් මස 29 වන දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ, කොළොන්නාව පොම්පාගාරයේ ප්‍රධාන පැනලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව එදින පෙ.ව 11 සිට එදින රාත්‍රී 9.00 දක්වා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල , රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර,ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු මාර්ගවල ජල සැපයුම අත්හිටවනු ලබනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW