පාසල් සිසුන් 9කට කෑම විෂ වෙයි.
Sri Lankan Schools
School Incident
By Wayomi
අද (14) පස්සර ප්‍රාථමික විදුහලක සිසුන් පිරිසක් ආහාර ආසාද්මිකතාවකින් පස්සර දිසා රෝහලට ඇතුළත් කළ බව නමුණුකුල පොලිසිය කියා සිටියා.
පොලිසිය සඳහන් කළේ,පාසලෙන් ලබා දුන් බත් , කංකුන් මැල්ලුමක් , පරිප්පු , කරවල මිශ්‍ර අලබැදුමක් මෙම සිසුන් ආහාරයට ගෙන ඇති බවත් , පසුව ක්ලාන්ත වී මෙම සිසුන් පිරිස පස්සර රෝහලට ඇතුළත් කළ බවත්ය.
මෙම සිසුන් අතර සිසුන් 6දෙනෙකු සහ සිසුවියන් 3දෙනකු සිටින බවත් , ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල ආරංචි මාර්ග සඳහන් කළා.