ඔබත් ප්‍රවේශමෙන් - පැරසිටමෝල් නිසා අවාසනාවන්ත ලෙස ජීවිතය හැර ගිය මල් කැකුළ..

Kandy Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Apr 26, 2023 09:59 AM GMT
Report

ගම්පොළ, උඩුවැල්ල ප්‍රදේශයෙන් රජයේ රෝහලකින් නිකුත් කළ පැරසිටමෝල් අධි මාත්‍රාවක් හේතුවෙන්, උණ රෝගය වැළඳී සිටි හත් හැවිරිදි දැරියක් මියයෑමේ ඛේදනීය පුවතක් වාර්තා වුණි.

සිද්ධිය සම්බණ්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය මහතා සඳහන් කළා.

පසුගිය අප්‍රේල් 20 වනදා ගම්පොල උඩහේන්තැන්න,උඩුවැල්ල තාමරවල්ලිය ජනපදයේ පදිංචිව සිටි ශ්‍යාමලී තරුෂිට උණ වැළඳී තිබුණි.

එම ප්‍රදේශයට අයත් එකම ග්‍රාමීය රෝහල වන කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහල වෙත දැරිය රැගෙන යන මව්පියන් රෝහල් වෛද්‍යවරයා නිර්දේශ කළ ඖෂධ, රෝහලේ ඖෂධාගාරයෙන්ම ලබාගෙන පැමිණියත් දැරියගේ රෝගයෙහි අඩුවක් දක්නට ලැබී තිබුණේ නැහැ.

දැරියගේ පියා, "බෙහෙත් ගත්තත් අඩුවුණේ නැහැ, බඩඑළිය ගියා, පණනැතුව වගේ හිටියා. ඒ නිසා ආපහු හොස්පිටල් ගෙනිච්චා." දෙවනුව ලැබුණු ඖෂධවලින්ද කිසිදු සුවවීමක් නොමැතිවූ නිසාවෙන්, දැරිය ගම්පොළ රෝහල වෙත රැගෙන යාමට මව්පියන් තීරණය කරයි.

ගම්පොල රෝහලේදී දැරිය පරීක්ෂා කළ ගම්පොළ රෝහලේ වෛද්‍යවරුන්, දැරියට කුරුඳුවත්ත රෝහලෙන් ලබාදුන් ඖෂධද පරීක්ෂාවට ලක්කර තිබුණි.

ඒ අනුව වෛද්‍යවරු තහවුරු කරගත්තේ දැරියට ඖෂධ අධි මාත්‍රාවකින් ලබාදී ඇති බවය. එහිදී අසාධ්‍ය වූ දැරිය දැඩිසත්කාර ඒකකයට යොමු කෙරුණු අතර එම අවස්ථාවේ වෛද්‍යවරුන් විසින් නිර්වින්දනය කරනු ලැබූ දැරිය නැවත සිහිය නොලබාම මියගොස් තිබේ.

දැරියගේ පියා, "අමාරු වුණා. ඩොක්ටර්ලා කිව්වා ICU එකට දාන්න වෙයි කියලා. දුව දඟලන නිසා සිහි නැති කරන්න ලියුමක් ලියා ගත්තා. ඊට පස්සේ ඩොක්ටර්ලා සිහි නැති කරලා, සිහිය ආපහු ගන්න හදනකොට දුව නැතිවුණා හාර්ට් එක වැඩ කරන්නේ නැතුව."

 සොයාබැලීමේදී අනාවරණ වුණේ කුරුඳුවත්ත රෝහලේ ඖෂධ නිකුත්කිරීම සඳහා අවශ්‍ය කවර වර්ග නොමැති බැවින්, කඩදාසි කොළවල ඔතා ඖෂධ නිකුත් කරන අතර, පැරසිටමෝල් වැනි බහුලව නිකුත් කෙරෙන ඖෂධ එලෙස කඩදාසි කොළවල ඔතා, එහි ඇතුළත මාත්‍රාවද ලියා සකස් කර තිබෙන බවය.

එලෙස සකස් කර තිබූ පැරසිටමෝල් දැරියට නිකුත් කර ඇත්තේ, ලබාදියයුතු මාත්‍රාව එහි පිටතින් සටහන් කරමිනි. ඩොක්ටර් කිව්වා මෙයාට මාත්‍රාව වැඩිපුර දීලා තියෙන්නේ කියලා. මේක තමයි දුන්න බෙහෙත. කොලේ එළියේ ඩොක්ටර් ලියලා තියෙනවා 1 බැගින්, අපි ඒක බැලුවේ නෑ, බෙහෙත් දුන්න කෙනා ඇතුළේ ලියලා තියෙන්නේ 2 බැගින්. ඒ ගාන දුන්නේ."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now