පෞද්ගලික අංශයේ සේවකයන්ගේ 5000 දීමනාව ගැන අවසන් තීරණය...
Sri lanka
employee
5000
Nimal Siripala
politis
By Sewvandhi
රටේ ආර්ථික තත්වය යහපත් වනතුරු රුපියල් 5,000 දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබාදීමට අපහසු බව පෞද්ගලික අංශයේ හාම්පුතුන් විසින් කම්කරු අමාත්‍යවරයා වෙත දන්වා තිබෙනවා.
ඒ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මෙරට පෞද්ගලික සේවා අංශ ප්‍රධානීන් සමග කම්කරු දෙපාර්තමේන්තුවේ අද පැවති සාකච්ඡාවකදීයි.
මේ වනවිට අපනයන ආදායම ද පහත වැටී ඇති බවත් රේගු ගාස්තු වැඩිවීම, බහාලුම් පැමිණීමේ අඩුවීම්, නිෂ්පාදන වියදම් වැඩිවීම, අමුද්‍රව්‍ය ගෙන්වීමේ දී බලපාන ප්‍රශ්න හා ඒ සඳහා වැය වන මුදල් වැඩි වීම, බැංකුවලින් අය කරන අධික පොලිය වැනි කරුණු කිහිපයක් ඔවුන් ඒ සදහා හේතු වශයෙන් පෙන්වා දී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |