කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක ඉඩම් 50ක් පිට රටට දෙයි..එම ලයිස්තුව මෙන්න..

Sri Lanka Colombo Galle Gampaha Mathara Muwara
By Aruna Dec 14, 2021 11:00 PM GMT
Report

කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක ඉඩම් පනහක් විදෙස් ආයෝජකයින් සඳහා බදු පදනම මත ලබාදීමට රජය මේ වනවිට සැලසුම් සකස් කර තිබේ.

ඒ යටතේ ඉදිවන නව ව්‍යාපෘති 5ක් සඳහා මේ වනවිටත් අවබෝධතා ගිවිසුම්වලට එළැඹ ඇති අතර සමස්ත අයෝජනවල අපේක්ෂිත ඉලක්කය අමෙරිකානු ඩොලර් බිලියන හයකි.

කොළඹ බේරේ වැව අසළ ඩී.ආර්.විජේවර්ධන මාවතේ ඉඩම් 6ක්, කොම්පඤ්ඤවීදිය පැරණි ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල සහිත ඉඩම, නාරාහේන්පිට, ඔරුගොඩවත්ත, දෙමටගොඩ, තුම්මුල්ල, තලවතුගොඩ ඇතුළු ප්‍රදේශවල ඉඩම් මෙන්ම ගාල්ල, මාතර, මහනුවර බෝගම්බර, නුවරඑළිය , කුරුණෑගල, යාපනය, වව්නියාව , අනුරාධපුර යන නගරවලද ඉඩම් රැසක් ඒ අතරට අයත් වෙයි.

මෙම ඉඩම්වල ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා චීනය, එක්සත් අරාබි එමීර් ,ඉන්දියාව , මැලේසියාව සහ ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් කිහිපයක ආයෝජකයින් මෙන්ම දේශීය ආයෝජකයන්ද ගිවිසුම්ගත වී තිබේ.

රජයේ උසස් නිලධාරීන්ට නවාතැන්ගැනීම සඳහා ඉදිකළ කැප්පෙටිපොල සමිට් නිවාස සංකීර්ණයද නිවාස 500ක නව ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා චීන ඩුබායි ඒකාබද්ධ ආයෝජකයකු වෙත ලබා දීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now