ජනපතිගෙන් ලැබුණු කෝටි 50.

Mahinda Amaraweera Ranil Wickremesinghe Ministry of Agriculture
By Wayomi Mar 14, 2024 10:33 AM GMT
Report

ජනාධිපතිවරයාගේ නියමයෙන් රුපියල් කෝටි 50ක මුදලක් වී අලෙවි මණ්ඩලයට වී මිලදීගැනීම සඳහා ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ, අනුව හෙට (15) සිට අවම වශයෙන් සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් වී ගබඩා දෙකක් බැගින් වී මිලදීගැනීම සඳහා විවෘතව තබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 2ක මුදලක් ඉල්ලමින් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළත්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ සම්බන්ධව කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් නොදැක් වූ බව අමාත්‍යවරයා සඳහන් කළා.

එම හේතුවෙන් ගොවි භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන 250ක මුදලක් ලබා ගෙන එමගින් වී මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් ආරම්භ කරන ලද බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.