දිස්ත්‍රික් 05 කට අනතුරු අඟවයි..මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන්..

Badulla Kegalle Kurunegala Sri Lanka Weather
By Aruna May 07, 2023 07:13 AM GMT
Report

පවතින අධික වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හමුවේ, දිස්ත්‍රික්ක 05ක් සඳහා නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම,නාගොඩ, ඇල්පිටිය සහ යක්කලමුල්ල ප්‍රදේශ සඳහා මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රඹුක්කන, දැරණියගල, මාවනැල්ල, කෑගල්ල සහ ගලිගමුව ප්‍රදේශ සඳහා ද නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් රිදීගම මාවතගම අලව්ව සහ පොල්ගහවෙළ ප්‍රදේශවලටත් මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොළ ප්‍රදේශවලටත් නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now