මිතුරිය රවටා දින 5ක් වයසැති බිලිඳිය අතහැර ගිය අමානුෂික මව..
ගලේවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ දී හොඳම යෙහෙළිය රවටා තම දින 5ක් වයසැති බිළිඳිය, ඇයට බාර දී පලා ගිය කාන්තාවක් පිළිබද පුවතක් වාර්තා වනවා.
එනම් 23 හැවිරිදි එම යෙහෙළිය විසින් හෝටල් කාමරය තුළ දී බිලිඳියට මවුකිරි දී හදිසි ගමනක් ගොස් එන තෙක් දරුවා හොඳින් බලා ගැනීමට යැයි පවසා යෙහෙළිය පිටත්ව ගිය බවත් සවස් වන තුරු සිය මිතුරිය නොපැමිණි බව පවසමින් සිඟිති දරුවා වඩාගෙන ගලේවෙල පොලිසියට පැමිණ පැමිණිල්ලක් ද කර ඇති බව වාර්තා වනවා.
පුත්තලම මූලික රෝහලේ දී තම යෙහෙළිය දරුවකු ප්‍රසූත කළ බවත් ඇය ද, ඇය ප්‍රසූත කළ දරුවා ද කැටුව ඉකුත් 4 වැනිදා ගලේවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණ කාමරයක් කුලියට ගෙන නවාතැන් ගෙන සිටි බවත් පොලීසිය හමුවේ එම කාන්තාව ප්‍රකාශ කොට තිබෙනවා.
පොලිසිය භාරයට ගත් දින 5ක් වයසැති බිලිඳිය දඹුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.