18 ට වැඩි අයට සිවිවන කොවිඩ් එන්නත ලබා ගන්නැයි නිවේදනයක් නිකුත් කෙරේ.

Corona World Covid vaccines Ishryal 4th Covid vaccines
By Aruna Jan 27, 2022 01:09 AM GMT
Report

වයස අවුරුදු 18 ට වැඩි සියලුම අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට සිව්වන COVID19 එන්නත් මාත්‍රාව ලබාදීම ආරම්භ කරන බව ඊශ්‍රායලය රජය විසින් නිවේදනය කර තිබෙනවා.

එහි ජනගහනය සඳහා මහා පරිමාණ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ව්‍යාපාර දියත් කළ පළමු රටවල් අතරට ඊශ්‍රායලය ද පත්වනවා.

මේ අතර ඊයේ (26) දිනයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 927ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ අනුව මෙතෙක් මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 604,581ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර ඊයේ, තවත් කොවිඩ් මරණ 16ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,346ක් දක්වා ඉහළ ගියා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now