ලබන සතියේ සිට දෛනික දුම්රිය ගමන් වාර 30ක් අඩු වෙයි.

Sri Lanka Railways Department of Railways
By Wayomi Jan 13, 2023 09:19 AM GMT
Report

දෛනික දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 30 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

දැනට පවතින දෛනික දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 400ක්.

ඒ අනුව ලබන සඳුදා සිට දෛනිකව ධාවනය කෙරෙන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 370 ක් බවයි විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.

ඔහු මේ බව කියා සිටියේ, අද( 13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත්මේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම විශ්‍රාම ගිය දුම්රිය රියදුරන් හා නියාමකයන් කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW