මෙවර ජනපති පුටුවට අපේක්ෂකයින් 12ක් සටනට එයි..එම අපේක්ෂක ලැයිස්තුව මෙන්න..

Sri Lanka Politician President of Sri lanka Presidential Update Sri Lanka Presidential Election 2024
By Aruna Jul 26, 2024 01:32 AM GMT
Report

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.


ඒ අනුව, ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටින්නන් ලෙස මේ වන විට කරළියට පැමිණ ඇති අය නම්,

01. ජනාධිපති රනිල් වික්‍රමසිංහ

02. විපක්ෂ නායක සහ සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස

03. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

04. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ

05. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

06. මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර 07. ව්‍යවසායක ධම්මික පෙරේරා

08. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක

09. හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහයන මහත්වරුන්.

10. මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝය.

මීට අමතරව

11. උතුරේ දෙමළ පක්ෂ වලින් පොදු අපේක්ෂකයෙක්

12. පෙරටුගාමී පක්ෂය ප්‍රමුඛ ජන අරගලය ව්‍යාපාරයෙන් අපේක්ෂකයෙක්

ද වශයෙන් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපති ජේආර් ජයවර්ධන මහතාගේ මුණුබුරකු ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට මුලින් ප්‍රකාශ කර තිබුණා.

මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අපේක්ෂක ලැයිස්තුව ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තවත් ඉහළ යා හැකි බවයි.

අද ප්‍රබල ග්‍රහ යෝගයක්..ලග්න 06කට ඉතාමත් ශුභයි. ලග්න 04ක අයට රතු එළියක්..කාන්තා ආකර්ෂණයත් වැඩි වෙයි.

අද ප්‍රබල ග්‍රහ යෝගයක්..ලග්න 06කට ඉතාමත් ශුභයි. ලග්න 04ක අයට රතු එළියක්..කාන්තා ආකර්ෂණයත් වැඩි වෙයි.


මේ අතර, පවතින දේශපාලන තත්ත්වය අනුව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන වැඩිම අපේක්ෂක ලැයිස්තුව මෙවර ඉදිරිපත් කෙරෙනු ඇති බවයි, දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ.

මේ අනුව ඉදිරි ජනාධිපතිවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි ඔවුහු පෙන්වා දෙයි.

මෙවැනි උණුසුම් තත්ත්වයක් තුළ මෙවර ජනාධිපතිවරණය පවත්වන දිනය අද ප්‍රකාශයට පත් කරන බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ දිනයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%