ලබන ජනවාරි 03 සිට 30 දක්වා වෙනදේ මෙන්න...මුලු රටටම විශාල ප්‍රශ්නයක්..
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ජනවාරි 3 වනදා සිට යළි වසා දැමීමට සිදුවන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් බොරතෙල් මිලදී ගැනීමේදී සිදුව ඇති දුෂ්කරතා ඊට හේතුවී ඇති බවටයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.
බලශක්ති අමාත්‍යාංශය සදහන් කළේ, අවශ්‍ය බොරතෙල් සපයා ගැනීමෙන් අනතුරුව ජනවාරි 30 වනදාට පෙර පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට ඛනිජ තෙල් සංස්ථා කළමණාකාරිත්වය කටයුතු යොදා ඇති බවයි.
ශ්‍රී ලංකාව දිගුකාලීන බොරතෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර ඇති සිංගප්පූරු සමාගමෙන් බොරතෙල් සැපයීම ජනවාරි 26 වනදා සිට ආරම්භවීමට නියමිතව තිබෙනවා.
බොරතෙල් මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සපුගස්කන්ද පිරිපහදුවේ භාවිත වන මර්බන් වර්ගයේ බොරතෙල් මිලදී ගැනීමේදී දින 90 කට පෙර අදාළ සමාගමට දැනුම් දිය යුතුයි. එමෙන්ම හදිසි මිලදී ගැනීම් ලෙස විකල්ප බොරතෙල් මිලදී ගැනීමද විදේශ විනිමය හිඟය නිසා ව්‍යර්ථ වී තිබෙනවා.
ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහළට වැටී ඇති බැවින් ණය පදනමින් බොරතෙල් මිලදී ගැනීමද දුෂ්කර වී ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ. කෙසේවෙතත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් සපයන්නේ රටේ පෙට්‍රල් අවශ්‍යතාවයෙන් සියයට 14 ක් සහ ඩීසල් අවශ්‍යතාවෙන් සියයට 29 ක් පමණයි.
එබැවින් තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමුණද රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන බවයි බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |