2027 දී මෙරට සිදුවන දැවැන්ත වෙනස ගැන ජනපති කියයි..

Ranil Wickremesinghe Sri Lanka Economic Crisis President of Sri lanka Economy of Sri Lanka
By Sewvandhi Mar 16, 2024 01:54 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, 2027 වසරේදි 2018 වසරේ මෙරට තිබු ආර්ථික තත්ත්වය යළි උදා කරගැනීමට අපේක්ෂා කරන බවයි.

මේ වසරේදී 2%ක ආර්ථික වර්ධනයක් ද බලාපොරොත්තු වන බවයි,ඊයේ(15) කොළඹ පැවති වැඩසටහනකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

රජය ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කොළඹදී සාකච්ඡාවක නිරත වුණි.

"සවිමත් අනාගතයට පෙරවදනක් – 2024" යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම හමුවේදී රජය විසින් ක්‍රියාවට නංවා ඇති සංවර්ධන වැඩසටහන් සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ,

"අප මෙම 2024 වසරේදී 2%ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. අප මෙම වසරේදී 2%ක ආර්ථික වර්ධනයක් ලබාගත්ත ද 2019 වසරේ පැවති තත්ත්වයට පැමිණීමට තව වසර දෙක තුනක් පමණ ගතවනු ඇති. කෙසේ වෙතත් 2027 වසරට හෝ ඊට පෙර එම ඉලක්කය වෙත ළඟා වීම මගේ අරමුණයි."