දැරියක් බිලිගෙන තවත් දැරියක් අතුරුදන් කළ බෙලිහුල්ඔයේ මාරයා..
අද (06) මතුරට - අඹගස්පිටිය ප්‍රදේශයේ බෙලිහුල්ඔයේ දිය නාමින් සිටි කුඩා දරුවෙකු සහ දැරියක් දියේ ගිලී තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් දැරිය ගොඩට ගෙන රිකිල්ලගස්කඩ රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් ඇය මියගොස් තිබෙනවා.
මියගිය දැරිය මතු රට තබරා ව ප්‍රදේශයේ පදිංචි අවුරුදු දහතුනක් 13ක් වයසැති දැරියගේ. මේ අතර එම ලිපිනයේ පදිංචි අවුරුදු 12ක තවත් දරුවෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.
මෙලෙස මියගිය දැරිය තම ඥාති සහෝදරයකු වන පිරිමි දරුවා සහ අවුරුදු 21ක් පමණ වන ඔවුන්ගේ ඥාති සහෝදරියක් ද සමඟ පදියපැලැල්ල විහාරස්ථානයේ පැවති ධාතු ප්‍රදර්ශනය නැරඹීමට ගොස් තිබෙනවා.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඉන් අනතුරුව දිය නෑම සඳහා මොරපාය විහාරය අසලින් ගලා බසින බෙලිහුල් ඔයට ගොස් දිය නාමින් සිටිය දී දැරිය ඔයේ ගිලි ගසාගෙන යාමේදී ඇය බේරාගැනීමට කුඩා දරුවා උත්සාහ කර තිබෙන අතර එහිදී දෙදෙනාම දියේ ගසාගෙන ගොස් ඇති බවයි.
පසුව ප්‍රදේශවාසීන් දැරිය ගොඩට ගෙන රෝහල් ගත කර ඇති අතර අතුරුදන් වූ දරුවා මෙතෙක් හමු වී නොමැති බවයි වාර්තා වන්නේ. මතුරට පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් දරුවා සෙවීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
මියගිය දැරියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රිකිල්ලගස්කඩ් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මතුරට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |