1990 සුවසැරිය ගිලන් රථ සේවය මහා භාණ්ඩාගාරයෙන් ඉවතට. ඉදිරියේදී එයට සිදු වන දේ මෙන්න.

Sri Lanka
By Wayomi Mar 29, 2023 12:54 PM GMT
Report

අනූපමේය සේවාවක් ඉටු කරමින් දහස් ගණනකගේ ජීවිත රැකගත් “1990 සුව සැරිය“ ගිලන් රථ සේවාව, තවදුරටත් පවත්වා ගෙනයා නොහැකි බව මහා භාණ්ඩාගාරය පවසනවා.

තමන්ට තවදුරටත් ඒ වෙනුවෙන් පූර්ණ වශයෙන් අරමුදල් සම්පාදනය කළ නොහැකි බවයි මහා භාණ්ඩාගාරය පුවත්පත් දැන්වීමකින් දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් මෙම වාතාවරණය තුළ 1990 කළමනාකරණ හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නව ව්‍යාපෘතියක් දියත් කර තිබෙනවා.

ඒ, ගිලන් රථයක භාරකාරීත්වය භාරගන්නා ලෙස මහජනතාවට ආරාධනය කර ඇති අතර මෙරට තනිපුද්ගලයින්ට හා ආයතන සඳහා මේ සඳහා ඉදිරිපත් විය හැකියි.

“Adopt an Ambulance” ලෙසින් හඳුන්වා දී ඇති මෙම ව්‍යාපෘතියේ දී එක් ගිලන් රථයක භාරකාරත්වය ගැනීම සඳහා පිරිවැය ලෙස හඳුන්වා දී ඇති මුදල රු. මිලියන 5කි.

අද වන විට 1990 සුව සැරිය ගිලන් රථ 297 ක් සමස්ත දිවයිනම ආවරණය කෙරෙන පරිදි ක්‍රියාත්මක වෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


Gallery