ඉන්දීයාවේ නිෂ්පාදිත ඖෂධක් විෂ වී දරුවන් 18 මියයයි.

India Death
By Wayomi Dec 29, 2022 10:34 AM GMT
Report

ඉන්දීය ඖෂධ සමාගමක් විසින් නිෂ්පාදනය කළ ඖෂධයක් නිසා දරුවන් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව උස්බෙකිස්තානය පවසනවා.

Marion Biotech නම් සමාගමේ නිෂ්පාදනය කෙරුණු කැස්සට ලබාදෙන දියර ඖෂධයක් බවයි බී බී සී පුවත් සේවය වාර්තා කර ඇත්තේ.

උස්බෙක්ස්තාන සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, එම ඖෂධවල විස සහිත එතිලීන් ග්ලයිකෝල් අඩංගු බවයි.

එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ දරුවන්ගේ වැඩිහිටියන් වෛද්‍ය උපදෙස් ලබා නොගෙන එම ඖෂධය දරුවන්ට ලබාදී ඇති අතර මීට දින කිහිපයකට පෙර ගැම්බියාවේ ද ළමුන් 69 දෙනෙක් දියර ඖෂධයක් පානය කිරීමෙන් අනතුරුව මියගියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW