දුම්රියක් පීලි පැනීමෙන් 17ක් රෝහලේ.ප්‍රධාන දුම්රිය නියාමකවරයා සහ උප නියාමකවරයාත් ඒ අතර. (VIDEO)

Sri Lanka
By Wayomi Apr 07, 2023 10:01 AM GMT
Report

කන්තලේ - අග්බෝපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීමෙන් 17 දෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත්තේ, අද(07) දහවල් 12.30 ට පමණ ගල් ඔය සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක්.

තුවාල ලැබූවන් අතර ප්‍රධාන දුම්රිය නියාමකවරයා සහ උප නියාමකවරයාද වනවා.

මෙම දුම්රිය අනතුර හේතුවෙන් මේ වන විට ත්‍රිකුණාමලය සහ අග්බෝපුර අතර දුම්රිය ධාවනය ඇණහිට ඇති අතර, දුම්රිය පීළිගත කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW