14 ට මරු කැඳවූ තවත් බිහිසුණු සමූහ වෙඩි තැබීමක්..

By Sithumi May 05, 2023 12:14 PM GMT
Report

තවත් සමූහ වෙඩිතැබීමක් වාර්තා සර්බියාවෙන් වාර්ථා වනවා. අදාළ අවස්ථාවේදී, මෝටර් රථයක ගමන් කරමින් සිටි වෙඩික්කරු මාර්ගයේ සිටි පුද්ගලයින් ට වෙඩිතබා ඇති බවට වාර්තා වනවා.  

ඉන් 14 දෙනෙක් මියගොස් තවත් අට දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වුණා.


බෙල්ග්‍රේඩ් නගරයට කිලෝමීටර් 60ක් පමණ දුරින් පිහිටි ගම්මානයකදී එම සිද්ධිය වාර්තා වූ අතර මේ එරට සතියක් තුළ වාර්තාවූ දෙවැනි සමූහ වෙඩිතැබීම වනවා.

ඊයේ රාත්‍රියේ එම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩික්කරු අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.