ඔබත් මේ ගැටලුවෙන් පීඩා විදින්නේ නම් වහාම මෙම අංකය අමතන්න..

Water Cut Water Board Water Latest Headlines
By Sewvandhi Mar 15, 2024 12:14 PM GMT
Report

පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවල ජනතාවට වහාම 117 දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.

අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හා සම්බන්ධ වී මෙය සිදුකරන ලෙසයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කර සිටියේ.

මේ වනවිටත් කෑගල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශවල පවුල් 3,000කට ආසන්න ප්‍රමාණයක් පානීය ජල ගැටලුවකට මුහුණදී ඇතැයි ද වාර්තා වේ.

ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ, එවැනි ස්ථානවල ජනතාව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන සමඟත් ජල ප්‍රවාහන ඒකක සමඟත් එක්ව මෙම තත්ත්වය විසඳීමට වැඩසටහන් ක්‍රියාත්මක වන බවයි.

"පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා 117 දුරකථනය හා සම්බන්ධ වීම ඉතාමත් වැදගත්. ඉදිරියේ දී ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්ත්වයක් සම්බන්ධීකරණය සඳහා. යම් පානීය ජල ගැටලුවක් ඇත්නම් තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී තුමන් එසේත් නොමැති නම් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක සමග සම්බන්ධ වෙන්න. ඒ සඳහා සියල්ල සුදානමින් පවතිනවා."

මේ අතර පසුගිය දින 10 ඇතුළත ස්ථාන 30ක පමණ කැළෑ ගිනි තැබීමේ සිදුවීම් වාර්තා වී ඇතැයි ද පැවසු ප්‍රදීප් කොඩිප්පිලි මහතා, එම ගිනි තැබීම් පාලනය සඳහා ත්‍රිවිධ හමුදාව සීරුවෙන් සිටින බව ද පැවසීය.

එවැනි කැළෑ ගිනි තැබීමේ සිදුවීමක් දුටු වහාම 117 දුරකථන අංකය ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා සම්බන්ධ වෙන ලෙස ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා දැනුම් දෙයි.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%