චීන හමුදා ගුවන් යානා 11ක් තායිවානයට ඇතුල් වෙයි..

By krishani Aug 15, 2022 03:17 AM GMT
Report

ඊයේ (14) දිනයේ චීන හමුදාවට අයත් ගුවන් යානා 11 ක් තායිවාන ගුවන් කලාපයට ඇතුළු වී ඇති බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

මෙම ගුවන් යානා සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව තරණය කර එරට ගුවන් ආරක්ෂණ කලාපයට ඇතුලු වී ඇති බවට තායිවානය චෝදනා කරයි.

කෙසේවෙතත් තායිවාන රජය පවසා සිටින්නේ චීනය කිසි දිනෙක තම දිවයින පාලනය කර නොමැති බැවින් ඊට හිමිකම් කීමට හෝ තම රටෙහි අනාගතය තීරණය කිරීමට ඔවුන්ට අයිතියක් නොමැති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join