එකවර ඉපදුනු නිවුන් දරුවන් 09 දෙනා ගැන විශේෂ හෙළිදරව්වක්.(PHOTO)

World Health Organization
By Aruna Dec 14, 2022 12:26 AM GMT
Report

2021 වසරේ ගිනස් ලෝක වාර්තා බිඳ හෙළමින් උපත ලද ලොව එක ම නිවුන් දරුවන් නම දෙනා සුවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා පෙන්වා දුන්නේ, අදාළ 9 දෙනා මාස 19ක කාලයක් මොරොක්කෝවේ විශේෂ වෛද්‍ය රැකවරණය යටතේ සිටීමෙන් අනතුරුව යළි සිය මව්බිම වන මාලි රාජ්‍යය වෙත ගොස් ඇති බවයි.

එක් වරකදී උපත ලද වැඩි ම දරුවන් සංඛ්‍යාව ලෙස ඔවුන් ගිනස් ලෝක වාර්තා අතරට එක් වූයේ 2021 වසරේ මැයි මාසයේදී ය.

දරුවන්ගේ මව වන හලීමා සිසේ සිය දරු උපතට පෙර මාලි රාජ්‍යයේ සිට මොරොක්කෝ වෙත යවා තිබුණේ විශේෂ වෛද්‍ය රැකවරණයක් ලබා ගැනීම සඳහා ය.

මාලි බලධාරීන් සඳහන් කර තිබුණේ උපත ලද නිවුන් දරුවන් නම දෙනා අතර ගැහැණු දුර්වන් 5 දෙනෙකු සහ පිරිමි දරුවන් 4 දෙනෙකු සිටින බවයි.

නියමිත කාලයට පෙර උපත ලැබූ හෙයින් ඔවුන් රෝගී වීමේ අවදානමක් පැවති හෙයින් උපත ලැබූ දා සිට මාසයක කාලයක් ඔවුන්ට රෝහල්ගතව සිටීමට සිදු විය.

අනතුරුව ඔවුන් මහල් නිවාසයක් වෙත යවා තිබුණේ පැය 24 පුරා වෛද්‍ය අධීක්ෂණයට ද භාජනය කරමිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery