ලංකාවේ 08 වන විධායක ජනපති දිවුරුම් දීමට සූදානම්.!!
Gotabaya Rajapaksa
Mahinda Yapa Abeywardena
Ranil Wickremesinghe
Sri Lanka
President of Sri lanka
By Aruna
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරට වැඩබලන ජනාධිපති වරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම නියමිතය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු දින 7 ක කාලයක් සඳහා වැඩබලන ජනාධිපති ලෙස වික්‍රමසිංහ මහතා කටයුතු කිරීමට නියමිතය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද නිවේදනය කළේ ඉදිරි දින හතක කාලය ඇතුළත නව ජනාධිපති වරයෙක් පත් කිරීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුව හරහා සිදුකරන බවයි.
එතෙක් අග්‍රාමාත්‍යවරයා වැඩබලන ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |