කළුතර නිවසක කාන්තා සිරුරු 02 ක්.

Sri Lanka Police Mysterious Death
By Gagana Apr 18, 2024 01:15 PM GMT
Report

ඊයේ (17) රාත්‍රී කාලයේ දී කළුතර දකුණ, ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී මියගිය කාන්තාවන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇති බවට වාර්තා වෙනවා.

නිවසක පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු දින කිහිපයක සිට නොමැති බවටත්, එම නිවස ආසන්නයෙන් දැඩි දුර්ගන්ධයක් හමන බවටත් 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් කළුතර දකුණ පොලිසියට ලැබුණු පණිවුඩයක් මත අදාළ විමර්ශන ආරම්භ කෙරිණි .

පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් නිවසේ ජනේලයකින් ඇතුලත පරීක්ෂා කර බැලීමේ දී කාන්තාවන් දෙදෙනෙක් බිම වැටී මියගොස් ඇති බව නිරීක්ෂණය වී ඇත.

අවුරුදු 65ක් හා 79ක් වූ එම ප්‍රදේශයේ ම පදිංචි කාන්තාවන් දෙදෙනෙක් මෙලෙස මියගොස් ඇති බවට වාර්තා වනවා.

මෘත ශරීර පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර , අද (18) මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත.