හදිසියේම මුහුණේ සිදු වන මේ වෙනස්කම් මඟින් ඉඟි කරන රෝග ලක්ෂණ.

By Wayomi Oct 24, 2022 08:08 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඔබේ මුහුණේ දැකිය හැකි සමහර අසාමාන්‍ය ලක්ෂණ වලින් සෞඛ්‍යය ගැටලු හදුනාගන්න පුළුවන් බව දන්නවද?. වර්තමානයේදී රෝග හඳුනාගැනීම සඳහා නවීන වෛද්‍යවිද්‍යානුකූල ක්‍රම වන MRI සහ X-ray වැනි ක්‍රම භාවිතා කළත්. අතීත කාලයේදී රෝග නිර්ණය කිරීම සිදුකර ඇත්තේ මුහුණේ මතුව ඇති ඇතැම් රෝග ලක්ෂණ වලින්. ආයුර්වේදීය වෛද්‍ය ක්‍රමයේදි තවමත් මුහුණේ සෑම කොටසක්ම හොඳින් නිරික්ෂණය කරමින් රෝග නිශ්චය කරනවා. ඊට හේතුව වන්නේ මුහුණේ සෑම කොටසක්ම සිරුරේ අභ්‍යයන්තර ඉන්ද්‍රියකට සම්බන්ධව තිබීම නිසයි. ඉතින් අද කියන්න යන්නේ ඔබේ මුහුණෙන් නිරීක්ෂණය කල හැකි ඇතැම් ලක්ෂණ මඟින් ඔබේ සෞඛ්‍යය ගැන හෙලිකරගත හැකි කරුණු මොනවාද කියලයි.

01. සම සුදුමැලි වීම

😯 සමේ පැහැය අඩු වී සුදුමැලි වීම ඇනිමියාව නැතිනම් සිරුරේ ලේ අඩුකම වැනි තත්වයක ලක්ෂණයක් විය හැකියි.

😯 ඒ සඳහා වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරගැනීම වැදගත්.

😯 ඒ විදිහට සුදුමැලි වී ඇත්තේ ඔබේ මුහුණේ හෝ අත් පා වල එක් විශේෂ ස්ථානයක් පමණක් නම් වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.

😯 සම සුදුමැලි වීම රුධිර ප්‍රවාහය අඩුවීම, සිරුරේ ඔක්සිජන් මට්ටම පහළ මට්ටමක පැවතීම ,අඩු රුධිර පීඩනයක් ඇතිවී තිබීම හෝ රති රුධිර සෛල සංඛ්‍යාව පහත බැස තිබීම නිසා ඇතිවිය හැකි තත්වයකි.

😯 අධික ලෙස හිරු කිරණට නිරාවරණය වීම, අධික සීතල නිසා සම පුපුරු ගැසීම වැනි පාරිසරික බලපෑම් නිසත් සම සුදුමැලි වීමේ හැකියාව පවතිනවා.


02. නිකට පි‍ටුපසට නෙරා යාම

😯 නිකට පි‍ටුපසට නෙරා යාම සිරුර වියපත්වීමේ ක්‍රියාවලියකි.

😯 වෛද්‍ය විද්‍යාවට අනුව ‘Retrogenia’ නමින් හඳුන්වන මෙම නිකට ආපස්සට නෙරා යාමේ තත්වය ඇතැම් විට ඇති වන්නේ ජාන වල බලපෑමින් බවයි.

😯 මෙවැනි පිහිටිමකට බලපෑ හැකි තවත් හේතු විය හැක්කේ ‘Pierre Robin sequence’ තත්වය (මුඛයේ යටි හණුව වඩාත් කුඩාව පිහිටිම්ම සහ දිව උගුර දෙසට ගිලි තිබීම) හා ‘Treacher Collins syndrome’ (ජාන බලපෑම් නිසා ඇති වන හිස සහ මුහුණේ විකෘතිතා) වැනි කුඩා බිලිඳුන් තුල ශ්වසන අපහසුතා පවා ඇතිකරවන සුලු උපතින්ම පිහිටන ස්වභාවයන්ය.

😯 සමහර අවස්ථා වලදී වෛද්‍යවරුන් විසින් braces නැතිනම් ‘දත් කම්බි’ පැලඳීම නිර්දේශ කරමින් නිකට ප්‍රකෘතිමත් කිරීමට ප්‍රතිකාර කරයි, (විශේෂයෙන්ම දත් පෙළට පිහිටා නොපවතින විට )


03. තොල් පැළීයාම

😯 සිරුර අධික ලෙස විජලනයට පත්වූ විට තොල් පැළී යාම සිදුවිය හැකියි.(විශේෂයෙන්ම සිත කාලයේ වැඩි වශයෙන් ජලය පානය නොකරන නිසා).

😯 නමුත්, තොල් පැළීයාම ඔබ හිතනවාට වඩා බරපතල රෝග තත්වයක් විය හැකියි.

😯කොතරම් ප්‍රතිකාර කලද ගුණයක් දැකිය නොහැකි නම් එය කෙයිලිටිස් (Cheilitis) මෙන්ම හර්පීස් වෛරසය නිසා වෙන්නත් පුළුවන්. එය අසාධ්‍ය තත්වයකි.

😯 කෙයිලිටිස් තත්වය හටගන්නේ හිරු කිරණට අධික ලෙස නිරාවරණය වීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

😯 එහිදි තොල් වටා සුදු පැහැති සිහින් වට රේඛාවක් නිර්මාණය වෙයි.

😯 මෙම තත්වයට ප්‍රතිකාර නොකළොත්, එය චර්ම පිළිකා තත්වයක් දක්වා බරපතල ලෙස වර්ධනය වීමේ අවදානමක් ඇත.

😯 හර්පීස් වෛරසය හේතුවෙන් තොල වටා සම වියළී, පොතු ගැලවී යාමත් සමඟ තුවාල හටගනියි. 

😯 මෙම වෛරස තත්වය ඉක්මනින් සම්ප්‍රේෂණය වන්නක් බැවින් වහාම ප්‍රතිකාර කල යුතුයි.


04. අධික ලෙස මුහුණේ රෝම කූප වර්ධනය වීම

😯 මුහුණේ අනවශ්‍ය රෝම වර්ධනය කාන්තා සුන්දරත්වයට විශාල බාධාවකි.

😯 හැබැයි මුහුණේ අධික ලෙස රෝම වර්ධනය වීමේ ගැටලුවට ප්‍රතිකාර කල හැක්කේ ඔබේ රූපලාවන්‍ය ශිල්පිණියට නම් නෙවෙයි. ඊට හේතුව තමයි අධික රෝම වර්ධනය යනු ඔබේ සිරුරේ යම් සෞඛ්‍යය ගැටලුවක් තිබෙන බව ඉඟි කිරීමක්.

😯 මුහුණේ මෙන්ම සිරුරේ වෙනත් ස්ථාන වල රෝම වඩාත් ඝනව, අඳුරුව සහ රළුව පිහිටන්නේ ‘Hirsutism’ නම් තත්වයේ බලපෑම නිසාය(ඇන්ඩ්‍රොජන්ස් හෙවත් පුරුෂ හෝර්මෝන වල වැඩි බලපෑම නිසා පුරුෂයින්ගේ මෙන් රෝම ඝනකමින් වර්ධනය වීම).

😯 එවැනි තත්වයක් හටගැනීමට ටෙස්ටෙස්ටරෝන් හෝර්මෝන හෝ ජානමය බලපෑම් හේතුවිය හැකියි.


05. ඉන්නන්

😯 ඉන්නන් යනු සිරුරට හානිකාරි නොවන සමේ වර්ධනය වන තත්වයකි.

😯 නමුත්, අසාමාන්‍ය ලෙස වර්ධනය වී ඇති ඉන්නන් තත්වයන් කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. යම් ඉන්නෙක් අසමමිතික හැඩයක් ගනියි නම්,ඉන් රෝම කූප වර්ධනය වී ඇත්නම්, වෙනස්ම වර්ණයකින් යුක්ත නම්, විෂ්කම්භය මිලිමීටර් 6 කට වඩා වැඩියි නම් ඔබ වහාම වෛද්‍යවරයෙකු මුණගැසී ඒවා පරික්ෂා කරගත යුතුයි.


06. තුවාල

😯 නාසය සහ තොල් මත මෙවැනි තුවාල හටගත හැකියි.

😯 ඒවා ඇතිවන්නේ පළමු වර්ගයේ හර්පීස් වෛරසය හේතුවෙන් විය හැකියි (type 1 herpes virus).මේවාට ප්‍රතිකාර කර සුව කල ද මේවා යලි යලි මතුවිය හැකියි.

😯 වෛද්‍යවරුන් පවසන්නේ මෙවැනි තුවාල තත්වයන් ජිවිතය කාලය පුරාවට පවතින බවත්, අයහපත් සෞඛ්‍යය තත්වයක් ඇතිවීම, ආතතිය, අධික වෙහෙසකර බව, හිරු කිරණට අධිකලෙස නිරාවරණය වීම වැනි හේතුවලින් යලි යලිත් උත්සන්න වීමේ අවදානම ඇති බවත්ය.

😯 මෙවැනි තුවාල හටගෙන සති 1-3 අතර කාලයක් තුලදි ස්වභාවිකව සුවපත් වීයයි.

😯 නමුත්, ඒවා අසාමාන්‍ය ලෙස ප්‍රමාණයෙන් විශාලව හෝ නිරන්තරයෙන් මතුවන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න.


07. කනේ කසන සුලු බව

😯 ප්‍රධාන වශයෙන් කනේ ඉටි එක් ‍රැස් වී තිබීම ඊට හේතුව විය හැකියි.

😯 නමුත්, කනේ කසන සුලු බවට හේතුව එයම පමණක් නොවෙයි. ඇතැම් විට ඒවා විවිධ නිෂ්පාදන භාවිතය නිසා ඇති වන ආසාත්මිකතා හෝ ආසාදන වල බලපම් ද හේතු විය හැකියි.

😯 වඩාත් බරපතල තත්වයක් ලෙස, කනේ කසන සුලු ස්වභාවය ඇතැම් විට එක්සිමා හෙවත් පණුකැවිලි තත්වය හෝ සෝරෛසිස් (Psoriasis)නම් චර්ම රෝග තත්වයේ රෝග ලක්ෂණයක් ද විය හැකියි.

😯 මෙවැනි තත්වයකදි නම් ඔබට වහාම ප්‍රතිකාර අවශ්‍යයයි. දුර්වර්ණ සහ අජීවි ස්වභාවයෙන් යුතු හිසකෙස්

😯 පැළිගිය, බිඳුණු සහ දුර්වර්ණ වී ඇති හිසකෙස් ඇති වීමට හේතුව අසමබල ආහාර, සිරුර විජලනයට පත්වි තිබීම, රසායනික ද්‍රව්‍ය නිසා සිදුවු හානි ආදිය විය හැකියි.

😯 ක්‍රමයෙන් හිසකෙස් වල නීරෝගි බවට හානි වන ලක්ෂණ පෙන්නුම් කරනවා නම්, එය තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග පීඩා තත්වයක රෝග ලක්ෂණ මතුකිරීමක් ද විය හැකියි.


08. මුහුණේ ආඝාතය

😯 මෙය Bell’s Palsy (මුහුණේ කොටසක් අප්‍රාණික වීම නිසා එම ප්‍රදේශයේ ඇති මාංශ පේශීන් හැසිරවීමට ඇති හැකියාව තාවකාලිකව නැතිවී යන තත්වයයි.)

😯 මෙම ආඝාත තත්වය නිසා හණු ප්‍රදේශයේ සහ කන් පි‍ටුපස ප්‍රදේශයේ දැඩි වේදනාවන් කැක්කුම් හටගැනීම සිදු වෙයි.

😯 මුහුණේ ස්නායු පීඩනයට පත්කරමින් වේදනාව හා ඉදිමුම් ඇතිකරවන මෙම අංශභාග තත්වය ඇතිවන්නේ වෛරස බලපෑමකිනි.

😯 මෙය පැය කිහිපයක් තුල හෝ දින කිහිපයක් තුලදි වර්ධනය වන තත්වයකි.

😯 මෙම තත්වය සුවපත් කිරීමට මාස 3-6 ක් පමණ කාලයක් ගත් වෙයි.


09. ඇස් යට එල්ලා වැ‍ටුණු ස්වභාවය සහ ඉදිමුම් ගතිය

😯 ප්‍රමාද වි නින්දට යාම සහ ප්‍රමාණවත් නින්දක් නොලැබීමේ අතුරු ඵල ලෙස මෙවැනි ලක්ෂණ ඔබේ මුහුණේ හටගත හැකියි.

😯 ඒ නිසා දිනපතා සුවබර නින්දක් ලබාගැනීමට උත්සාහ කරන්න.

😯 නමුත්, ගැටලුව තවමත් එලෙසින්ම පවතියි නම් ඉන් ඉඟි කරන්නේ ඔබේ සිරුරේ යම් සෞඛ්‍යය ගෑලුවක් මතුවී ඇති බව විය හැකියි.

😯 ඇස් වටා ඉදිමුම් ස්වභාවයන් ඇතිවන්නේ ඇහි පියයටින් තරල තැන්පත්වීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

😯 ඒ සඳහා සිරුරේ ඇතිවන ආසාත්මිකතාවන්, අධික ලෙස හැඬීම හෝ අධික ලුණු පරිභෝජනය වැනි හේතු බලපායි.

😯 වඩාත් උණුසුම් සහ අධික තෙතමනයක් ඇති දේශගුණ තත්වයන් හිදි මෙම තත්වය වඩාත් උත්සන්න විය හැකියි.


10. සම වියළීයාම

😯 සමට නිසි පෝෂණයක් හෝ තෙතමනයක් නොමැතිකම නිසා සම වියළී යාම සාමාන්‍යයෙන් සිදුවේ.

😯 එමෙන්ම විවිධ දේශගුණික බලපෑම් හා වෙනස්කම් මත ද එවැනි තත්වයක් සමේ හටගත හැකියි.

😯 නමුත්, සම වියළි යාම හා පැළීම් ස්වභාවයක් එසේ නොසලකා හැරීම සිදුනොකල යුතු අවස්ථා ද තිබෙනවා.

😯 ඇතැම් විට එවැනි තත්වයක් හටගැනීමට ඔබේ දුර්වල හා අහිතකර ආහාර රටාව, අධිතයිරොයිඩතාව (hyperthyroidism) හෝ ඇතැම් විට දියවැඩියා තත්වය ද හේතු විය හැකියි.

😯 දිනකට හොඳින් ජලය පානය කරන්න. ඔබේ සමේ තෙතමනය හොඳින් පවත්වාගන්න. නමුත්, දිගින් දිගටම ඔබේ සම අධික ලෙස වියළි බවට පත්වි තිබේ නම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස්ගන්න.


11. මුඛ දුර්ගන්ධය සහ මුඛ සෞඛ්‍යය ගැටලු

😯 මුඛ දුර්ගන්ධය සහ මුඛයේ ගැටලු මඟින් ඉඟි කරන්නේ සිරුරේ අස්ථි කොටස් වල සහ හෘදයේ නීරෝගිකම පිරිහි ඇති බවට ලක්ෂණ විය හැකියි.


12. හකු ප්‍රදේශය ආශ්‍රිත සම මත ඇති කුරුලෑ වර්ධනය

😯 සම යටින් තෙල් කොටස් තැන්පත් වීම හේතුවෙන් කුරුලෑ වර්ධනය වේ.

😯 නමුත්, හකු ප්‍රදේශයේ කුරුලෑ හටගැනීම තරමක් වෙනස් ය. ඊට හේතු වන්නේ ආතතිය, හෝර්මෝන අසමතුලිතතා සහ වෙනස්කම්, ඇතැම් උපත් පාලය ක්‍රම, ඇන්ටිඩිප්‍රෙසන්ට් ඖෂධ, B විටමින් ..යනාදි හේතුයි.

😯 මෙම කුරුලෑ ස්වභාවයෙන් ඝන හා රතු පැහැයෙන් යුක්ත විය හැකි අතර සුදු සැරව සහිත පොකුරු වශයෙන් තොල උඩ ප්‍රදේශයේ පවා මතුවේ.

😯 මෙවැනි කුරුලෑ තත්වයන් ‘Polycystic Ovary Syndrome’ හෙවත් ඩිම්බ කෝෂ ආශ්‍රිත සින්ඩ්‍රෝම තත්වයේ ලක්ෂණයක් විය හැකියි. 13. නළලේ තිරස් රේඛා- ‍රැළි ස්වභාවය

😯 වයස්ගත වීමේදි සමේ ‍රැළි ස්වභාවයන් මතුවීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.

😯 නමුත්, මුහුණේ මතුවන් එවැනි ‍රැළි ස්වභාවයන් ඇතිවන්නේ වියපත් විමේ දි මතුවන ලක්ෂණ නිසාම නොවිය හැකියි.

😯 මෙවැනි තිරස් ‍රැළි ස්වභාවයන් නළල මත ඇතිවීම බොහෝ විට හඳුන්වන්නේ ආතති රේඛා ලෙසයි.

😯 ඉන් ඉඟි කරන්නේ පුද්ගලයා දැඩි ආතතියකින් පෙළෙමින් සිටින බවයි.

😯 එමෙන්ම මෙම ‍රැළි ස්වභාවය නීරෝගි නොවන දුර්වල ආහාර රටාවේ බලපෑම් නිසා ඇතිවන ලක්ෂණයකි.

😯 විශේෂයෙන්ම මෙවැනි ලක්ෂණ සෘජුවම සම්බන්ධ වන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍යය සමඟයි.

😯 ඔබ දිනපතා අධික ලෙස සීනි හෝ මේද අඩංගු ආහාර පරිභෝජනය කරන අයෙක් නම් මෙවැනි ‍රැළි වැටීම් ස්වභාවයන් ඔබේ මුහුණේ ඇතිවීමේ අවදානම වැඩියි. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW