ක්‍රිකට් ප්‍රබලයින් දෙදෙනෙක්ට තහනමක්..
ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනෙකුට රටින් පිටවීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන “ලෙජන්ට් ක්‍රිකට් කුසලාන 2024” තරගාවලියේ දී තරග පාවා දීමට ක්‍රීඩකයින්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ඉදිරිපත් කළ පැමිණිලි සලකා බලා මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.
මෙලෙස ඔවුන් බලපෑම් එල්ල කර ඇත්තේ පංජාබ් රෝයල් සහ කෑන්ඩි වොරියර්ස් කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයින් සඳහා බව වාර්තා වේ.
ඉන්දීය කළමනාකරුවන් ලෙස කටයුතු කරන යෝනී පටෙල් සහ ඔහුගේ සහායකයෙකු වන පැචලෝඩියා ආකාශ් යන පුද්ගලයින් දෙදෙනාට මෙම තහනම පනවා ඇත.
එය මාසයක් බල පැවැත් වේ.
කෙසේ වෙතත්, “ලෙජන්ට් ක්‍රිකට් කුසලාන 2024” තරගාවලියේ දී ක්‍රිකට් කණ්ඩායම හතක් තරග වදින අතර ලබන 19 වනදා අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතය.