බඩගින්න නැතත් නිතර නිතර කන්න පෙළඹෙන්නේ ඇයි?
කෑම කියන්නේ අපි ජීවිතයම කරගත්ත දෙයක්නේ. ඉතින් කන්න බොන්න ගියාම වෙලාවක් කලාවක් නැහැ. කාලා කාලා ඊට පස්සේ අල ගෙඩිය වගේ ආරනවා. හැබැයි සමහරු ඉන්නවා කොච්චර කෑවාත් ඇටසැකිල්ල වගේ. ගොඩක් වෙලාවට බඩගින්නත් නැතත් ඔබට නිතරම කන්න ඕන වෙනවා.
සැබෑ කුසගින්න අපට දැනෙන්න පටන් ගන්නේ සෙමෙන්.. සෙමෙන්.ඒ වගේම ඒක ටිකක් පාලනය කාගෙන ඉන්නත් පුළුවන්.නමුත් චිත්තවේගීය හෝ සිහියෙන් තොර ආහාර ගැනීමේ අවශ්‍යතාව (mindless eating) හරි ඉක්මනින් දැනෙනවා. ඒ වගේ වෙලාවට අපි කරන්නේ සීනි හෝ මේදය අධික විශේෂිත ආහාර වලට (junk food) පෙළඹීමයි ඒක ඔබේ සෞඛ්‍යට නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. සමහරු නම් බය වෙනවා මේක ලෙඩක් කියලා. ඇත්තටම ඒක ලෙඩක් වෙන්නත් පුළුවන්, නැත්නම් ඊට බලපාන වෙනත් සාධක තියෙන්නත් පුළුවන්.
ආතතිය (stress)
? දිගු කාලීන ආතතිය(long Term stress) ඔබේ සිරුර තුළ කෝටිසෝල් හෝමෝන මට්ටම ඉහළ නංවනවා.
? කෝටිසෝල් යනු අප බියට පත් වූ විට පලායාමට හෝ සටන් කිරීමට (fight or flight) දායක වන හෝමෝන වලින් එකකි. ආතතිමය සිදු වීමකට මුහුණ දුන් පසුව අපේ ශරීරයට නැවත ශක්තිය ලබාදීම සඳහා, කෝටිසෝල් හෝමෝනය මගින් අපට ආහාර ගැනීමේ අවශ්‍යතාවක් ඇති කරයි.
? මානසික ආතතිය ඔබට නිරන්තරයෙන්ම පවතින තත්වයක් නම්,ඔබේ සිරුර තුළ ඇති ඉහළ කෝටිසෝල් මට්ටම නිසා ඔබ නිතර යමක් ආහාරයට ගැනීමට හෝ පානය කිරීමට පෙළඹෙනවා. (තේ, කෝපි, බෝතල් කල බීම වර්ග, චොකලට්, බිස්කට්, රට කජු, කඩල, වඩේ, මුරුක්කු, රෝල්ස් වැනි කෙටි ආහාර වර්ග)
වෙහෙස (Fatigue)
? ඔබට ප්‍රමාණවත් විවේකයක් නොලැබෙන විට, ඔබේ ග්‍රෙලින් (ghrelin) මට්ටම ඉහළ යනවා.
? Ghrelin කියන්නේ අපට ආහාර ගැනීමේ අවශ්‍යතාවය ඇති කරවන හෝමෝනයක්.
? මේ අතර, ඔබේ ලෙප්ටින් (leptin) මට්ටම (කුසගින්න සහ ආහාර ගැනීමේ ආශාව අඩු කරවන හෝමෝනයක්) පහත වැටෙනවා.
? මෙම හෝමෝන දෙක සාගින්න පිළිබඳ හැඟීම් පාලනය කරනවා.
? නමුත් වෙහෙස නිසා අපේ ශරීරයට ආහාර අවශ්‍ය නොවුනත් අපට කුසගිනි දැනෙනවා.
ආවේගශීලිබව හා පහසුවෙන් කැළඹීම
? නොරිස්සීම් සහගත බව පහ කර ගැනීම සඳහා යමක් අනුභව කිරීම. එමගින් නොරිස්සීම් සහගත බවින් ගැලවීම සහ ඔබේ අවධානය වෙනතක යොමු වීම සිදු වෙනවා.
? නැතහොත් ඔබ ආතතිය පාලනය කර ගැනීම සඳහා ආහාර නොගෙන සිටීමට පුළුවන්.
? මෙමඟින් ඔබේ ශාරීරික ක්‍රියාකාරිත්වයේ අඩු වීමක් සිදු වන අතර අපේ සිරුර එය ආහාර හිඟයක් (starving) යයි වරදවා වටහා ගනී. පසුව ඔබ අහාර ගන්නා විට අධිකව ආහාර ගැනීම සිදු කරනවා.
කාංසාව (Anxiety)
? කාංසාව සහ ආහාර ගැනීමේ අක්‍රමිකතා අතර ශක්තිමත් සහසම්බන්ධතාවයක් ඇත. අධික ලෙස ආහාර ගැනීම කනස්සල්ල හා ආතතිය පාලනය කිරීමට උපකාරී වෙනවා.
? ජානමය හේතූන්, මානසික අවපීඩනය (depression) සහ මනෝභාවයේ ආබාධවල (mood disorders) සිට චිත්තවේගී කම්පනය (trauma), ඇබ්බැහිවීම (addiction), මත්ද්‍රව්‍ය හෝ ඖෂධ අනිසි භාවිතය (substance abuse) වැනි දේ නිසා හැඟීම් කළමනාකරණය කිරීමේ මාර්ගයක් ලෙස, අප පමණ ඉක්මවා ආහාර ගැනීම සිදු විය හැකියි. මිතුරන්ගේ බලපෑම් (peer pressure)
? චිත්තවේගීමය අධික ආහාර අනුභවය සෑමවිටම අපේ මානසික මට්ටම පහළ වැටීම නිසාම සිදු වන්නේ නැහැ.
? උත්සව අවස්ථාවකදී, සාදයකදී, මිතුරු හමුවක හෝ විනෝද චාරිකාවක් වැනි අවස්ථාවක කුසගින්න නොදැනුනත්, යුතුකමක් වශයෙන් හෝ සමූහය හා එක් ව ක්‍රියා කිරීමට සිදුවීම නිසා අප ආහාර ගැනීමට පෙළඹිය හැකියි.
මත්පැන් (alcohol)
? මත්පැන් වල බලපෑම නිසා අප අනිසි ලෙස ආහාර ගැනීමෙන් වැළැක්වීම මෙන්ම, ආහාර ගත යුතු අවස්ථාව හා ප්‍රාමාණය පිළිබඳව විනිශ්චය කර ගැනීමද අපහසු විය හැකියි.
? ඒ වගේම මත්පැන් නිසා ඔබ සෞඛ්යාරක්ෂිත නොවන සීනි හා මේදය අධික ආහාර ගැනීමට පෙළඹෙන්න පුළුවන්.
? අධ්‍යයනවලින් හෙළිවී ඇත්තේ මත්පැන් පානය ඔබගේ මොළයේ ස්වයං පාලනය පිළිබඳ කොටසට බලපාන අතර රසවත් ආහාරයකට එරෙහි වීම වඩාත් අපහසු කරයි.
ආහාර වල පින්තූර හෝ දර්ශන
? සමහරවිට වෙළඳ දැන්වීම්වල තිබෙන ආහාරවල පින්තූර හෝ ආහාර ඉතා ආශාවෙන් අනුභව කරන රූපවාහිනි දර්ශන වල අරමුණ ඔබව එම ආහාර මිලදී ගැනීමට පෙළඹවීම විය හැකියි.
? නමුත් අධ්‍යයනවලින් පෙන්නුම් කරන්නේ එහි ඇති ආහාර සමඟ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීමෙන් පසු, අප අසළ හෝ නිවසේ ඇති ඕනෑම ආහාරයක් අනුභව කිරීමට පෙළඹෙන බවයි.
අවධානයෙන් තොරව ආහාර ගැනීමේ අනතුර
? කුසගිනි නැති විට ආහාර ගැනීම ශරීර බර වැඩිවීම සහ රුධිරයේ සීනි වැනි සෞඛ්‍ය ගැටළු වලට හේතු වෙන්න පුළුවන්.
? අප එසේ ආහාර ගැනීමට පෙළඹීම වැනි හේතු හා එහි ප්‍රතිවිපාක අවබෝධ කර ගනිමින් එම වැරදි ආහාර රටාව නිවැරැදි කර ගන්නා තෙක් අප එම අහිතකර චක්‍රයේ සිරවී සිටීම වැළැක්වීමට නොහැකියි.
අවශ්‍යතාවකින් තොරව ආහාර ගැනීම නතර කරන්නේ කොහොමද?
? සිහියෙන් යුතුව ආහාර අනුභව (mindful eating) කරන්න.
? කෙටි කෑම වර්ග (junk food) නිවසින් ඉවත් කරන්න.
? කුසගින්න දැනෙන විට පමණක් ආහාර ගන්න.
? එය මානසිකව ඔබ පාලනය කළ යුත්තකි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |