පිරිමින්ට වඩා කාන්තාවන්ට ඉරුවාරදය හැදෙන්නේ ඇයි?
Migraines එහෙමත් නැත්නම් ඉරුවාරදය කියන්නේ ගොඩක් අය පීඩා විඳින රෝගයක්.එකේ වේදනාව සාමාන්‍ය හිසරදයකට සාපේක්ෂව වැඩියි. නමුත් ලෝකයේ පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් වැඩි දෙනෙක් migraines රෝගී තත්වයෙන් පීඩා විඳිනවා කියලා හොයාගෙන තියෙනවා.
ඊට හේතුව මොකක්ද?
🤯 ඊස්ටජන් හෝමෝන ප්‍රමාණය සහ මොළයේ සෛලවල ක්‍රියාකාරිත්වයට දායක වන සෝඩියම් අයන ප්‍රමාණය අතර ප්‍රබල සම්බන්ධයක් තියෙනවා.
🤯 සාමාන්‍යයෙන් මොළයේ සෛලවල ක්‍රියාකාරිත්වයට දායක වන මෙම සෝඩියම් අයන ප්‍රමාණය අඩුවීම නිසා migraines වලට හේතුවන මොළයේ ස්නායුගත වේදනාවේ වර්ධනයක් තිබෙනවා කියලා පර්යේෂණයෙන් සොයාගෙන තිබෙනවා.
🤯 ඒ අනුව කාන්තාවන්ගේ ශරීරයේ ඊස්ට්‍රජන් හෝමෝන ප්‍රමාණය වර්ධනය සහ migraines ඇතිවීම අතර Positive සම්බන්ධයක් තියෙනවා කියලා පරික්ෂණයට අනුව ඔප්පු වෙලා තියෙනවා.
🤯 මීට පෙර තවත් විශේෂඥයින් ගණනාවක් කාන්තාවගේ ආර්තව චක්‍රයේ අක්‍රමවත්වීම සහ migraines අතර සම්බන්ධයක් ඇති බවත් සඳහන්.
🤯 ආර්තව සමයේ ඇතිවෙන හිසේ අධික වේදනාව හඳුන්වා තිබුනේ Menstrual migraines ලෙසයි හඳුන්වන්නේ.
🤯 ඒ අනුව ඊස්ට්‍රජන් මට්ටම්වල උච්චාවචනයක් ඇති ඕනෑම අවස්ථාවක හිසරදයක් ඇති විය හැකි අතර ගර්භාෂ ශල්‍යකර්මයට භාජනය වන කාන්තාවන්ට ද මෙම තත්වය ඇති වීමේ හැකියාව තියෙනවා.
මෙම රෝගී තත්ත්වය ඇති වීමට බලපාන වෙනත් හේතු.
🤯 මොළයේ රුධිර සංසරණයේ සිදුවන වෙනස්කම්
🤯 ජානමය හේතු සාධක
🤯මොළයේ ඇති වන වෙනස්කම්
🤯අධික වෙහෙසකර ස්වභාවය
🤯 දීප්තිමත් ආලෝකයට නිරාවරණය වීම
🤯 කාලගුණික හා දේශගුණික වෙනස්කම්
🤯 මානසික ආතතියෙන් පීඩා විඳීම
🤯 සුව පහසු නින්දක් නොලැබීම
🤯 අක්‍රමවත් ආහාර පරිභෝජන රටා
🤯 කැෆේන් සහිත ආහාර පාන අධි පරිභෝජනය
🤯 අධික ඇල්කොහොල් සහ නයිට්‍රේට් අඩංගු ආහාරපාන පරිභෝජනය.
රෝග ලක්ෂණ
🤯 දැඩි ආලෝකය, ශබ්දය හා ගඳට දැඩි සංවේදී වීම
🤯 ආහාර පිළිබඳ අරුචියක් ඇතිවීම
🤯 උදරාබාධයක් ඇතිවීම
🤯 වමනය සහ ඔක්කාරය ඇතිවීම
🤯 දැඩි ලෙස උණුසුම හා සීතල ශරීරයට ඇති වීම
🤯 කැරකිල්ල ඇති වීම
🤯 සම සුදු මැලිවීම
🤯 ශරීරයේ වෙහෙසකර බව දැනීම
🤯 ඇතැම් විට උණ තත්ත්වය ඇතිවීම
🤯 දියර ලෙස මලපහ පිටවීම
🤯 පෙනීමේ දුබලතා ඇතිවීම
🤯 මානසික ව්‍යාකූල බව
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |