ජනතා බලය හමුවේ ගෙදර ගිය ලංකාවේ පළමු පාලකයා..ගෝඨාභය රාජපක්ෂ ගැන ඔබ නොදත් තතු.

Nightmare Disorder Gotabaya Rajapaksa Sri Lankan protests Government Of Sri Lanka Gota Go Home 2022
By Wayomi Jul 15, 2022 03:48 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහි වූ ජනාධිපතිවරුන් අතරින් තම නිල කාලය අවසන්වීමට තවත් වසර 02කටත් වැඩි කාලයක් ඉතිරිව තිබියදී මහජන විරෝධය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අද සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වුණා.

ඒ අනුව දැවැන්ත ජනතා විරෝධයක් හමුවේ, අවසානයේ ඔහුට සිදුවූයේ රටින් පිටව යෑමටයි.

ඇත්තටම කවුද මේ ගෝඨාභය කියන්නේ.


ජීවිතයේ මුල් අවධිය

♦️ උපත - මාතර දිස්ත්‍රික්කයේ පලාටුව හී

♦️ හැදීවැඩෙන්නේ - හම්බන්තොට වීරකැටිය ගමේ.

♦️ පියා - ඩී. ඒ. රාජපක්ෂ

♦️ මව - දන්දිනා සමරසිංහ දිසානායක

♦️ සහෝදර සහෝදරියන් - මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ , ඩඩ්ලි රාජපක්ෂ, ජයන්ති රාජපක්ෂ ,ප්‍රීති රාජපක්ෂ ,ගාන්දනී රාජපක්ෂ.

♦️ බිරිඳ - අනෝමා රාජපක්ෂ

♦️ දරුවන් - මනෝජ් රාජපක්ෂ

♦️ සිය මූලික හා ද්විතීක අධ්‍යාපන කටයුතු - කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හැදෑරුවා.


හමුදා දිවිය

🟢 කැඩෙට් නිළදාරියෙකු වශයෙන් 1971 අප්‍රියෙල් 26 වැනි දින, ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුනු මෙතුමාබැඳුණා.

🟢 1972 මැයි 25 වන දිනදී දෙවන ලුතිනන්වරයෙකු ලෙස සිය රාජකාරි ආරම්භ කළා.

🟢 පසුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ රජරට රයිෆල්ස් හී සේවයේ යෙදුණු ඔහු, 1983 වර්ෂයේදී ගජබා රෙජිමේන්තුවට මාරු කළා.

🟢 ඔහු සිය විසි වසරක් වූ හමුදා දිවිය තුලදී, ශ්‍රී ලංකා ජනපතිවරු තිදෙනෙකු (ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස සහ ඩී. බී. විජේතුංග) අතින්, නිර්භීතත්වය වෙනුවෙන් පිරිනමන සම්මාන හිමිකර ගැනීමට හැකිවුණා.

🟢 1983-1990 අතර කාලය තුල ක්‍රම ක්‍රමයෙන් හමුදාවේ, ඉහල තනතුරු දක්වා ගමන් කල ගෝඨාභය රාජපක්ෂ 1990 වසරේදී "Strike Hard" සහ "ත්‍රිවිධ බලය" යන මෙහෙයුම් හී අඥාපති වශයෙන් සිය කටයුතු සිදු කරන කළා.

🟢 1992 වසරේදී, ලුතිනන් කර්නල් පදවිය සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආඥාපති පදවිය හිමි කරගත්තා. - එම වසරේදීම විශ්‍රාම ලබා, අමෙරිකා එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වුණා.

🟢 එහිදී පද්ධති අනුකලණය කරන්නෙකු සහ යුනික්ස් Solaris මෙහෙයුම් පද්ධති පරිපාලකවරයෙකු වශයෙන් ඔහු රැකියාවක නිරත වුණා. 


ආරක්ෂක ලේකම්වරයා ලෙස

🟢 සිය සොයුරු, ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට සහය වීම සඳහා, 2005 වසරේදී ගෝඨාභය රාජපක්ෂ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියා.

🟢 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, 2005 නොවැම්බරයේදී ගෝ‍ඨාභය ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කරනු ලැබුවා.

🟢 2009 වසරේ මැයි මාසයේදී ත්‍රස්ථවාදය අවසන් කිරීමට, "යුධ වීරයෙක්" ලෙස ලබා දුන් විශිෂ්ඨ කැපවීම අගයා, කොළඹ විශ්ව විද්‍යාලය විසින් එම වසරේම සැප්තැම්බර් 6 වන දින ගෝඨාභයට, ආචාර්ය ගෞරව පදවියක් ද පිරිනමනු ලැබුවා.

🟢 මීට අමතරව ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරද්දී නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තනතුර ඔහු විසින් හොබවනු ලැබුවා.

🟢 ගෝඨාභය රාජපක්ෂ එහි ලේකම්වරයා වශයෙන් නගර අලංකරණය ඉලක්කකරගත් ව්‍යාපෘති කීපයක්ම දියත් කරනු ලැබුවා.

🟢 එලෙසෙ නව නගර අලංකරණ ව්‍යාපෘතියට ලක්කළ ප්‍රධාන ස්ථාන අතර බත්තරමුල්ල දියත උයන, නුගේගොඩ තෙත්බිම් උද්‍යානය, අපේ ගම පරිශ්‍රය, කොළඹ තුරඟ තරග පිටිය, වේරැස් ගඟ උද්‍යානය, ආකේඩ් වෙළඳ සංකීර්ණය, සහ කොළඹ හමුදා මූලස්ථානය වෙනවා. 


ඝාතන තැත

🟢 2006 දෙසැම්බර් 1 වැනි දින පෙරවරු 10:35 ට පමණ කොල්ලුපිටියේදී එල්ටීටීඊ ය විසින්, පුපුරණ ද්‍රව්‍ය සහිත ත්‍රිරෝද රථයක් ගෝඨාභය රාජපක්ෂ ගමන් ගත් රථ පෙල වෙත ධාවනය කිරීමට සලස්වා පිපිරවීමක් සිදු කර ඔහුව ඝාතනය කර දැමීමට උත්සාහ කළා.

🟢 නමුත් ප්‍රහාරයෙන් ගෝඨභය දිවි ගලවා ගත් අතර, ප්‍රහාරය නිසා පුද්ගලයෝ දෙදෙනෙකු මරණයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලැබුවා.  


2015 ආණ්ඩු පෙරළිය

🟢 2015 ආණ්ඩු පෙරළියෙන් පසු ගෝඨාභය රාජපක්ෂ පරිපාලන හා දේශපාලන ක්‍ෂේත්‍රයෙන් ඈත් වුණා.

🟢 2015 පෙර ආණ්ඩු සමයේ ජනමාධ්‍ය ආයතනවලට සහ ජනමාධ්‍යවේදීන් ඉලක්කකරගෙන දියත්වූ ප්‍රහාර මෙන්ම දූෂණ වංචා සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වුණා.

🟢 නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කළ ගෝඨාභය රාජපක්ෂ තමන්ට එරෙහිව නැගෙන චෝදනා හඳුන්වනු ලැබුවේ 'දේශපාලන පළිගැනීම් සහ මඩගැසීම්' ලෙසයි.

🟢 මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ආරම්භ කළ අපරාධ හා මූල්‍ය පරීක්ෂණ කීපයකට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් අවස්ථා කීපයක දී ප්‍රකාශ ලබා ගත්තා. ඒ, රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදුවූ බව කියන අපරාධ හා මූල්‍ය වංචා දූෂණ සම්බන්ධයෙන්.

🟢 ඒත් ඔහුගේ යළි පත්වීමත් සමඟ එම නඩු යටපත් වුණා. 


දූෂණ සහ අක්‍රමිකතා (සමාජයේ කතාබහට ලක්වූ ඔහුට එල්ල  වූ චෝදනා)

🟢 ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 33.9ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට මූල්‍ය වංචා චෝදනාව.

🟢 'ඇවන්ගාඩ්' පාවෙන අවි ගබඩාවට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදුකළ බවට චෝදනාව.

🟢 ගුවන් හමුදාවට මිග් යානා මිල දී ගැනීමේ දී සිදුව ඇති බව පැවසෙන අක්‍රමිකතා.

🟢 යුද්ධ අපරාධ චෝදනා.

🟢 විශේෂයෙන්ම එකල සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයට මාස කීපයකට පෙර සිදුවූ මාධ්‍යවේදී කීත් නොයා පැහැරගෙනයාම සම්බන්ධයෙන් එවක ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂට චොදනා එල්ල වුණා.

🟢 ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක්ද ලබාගත් අතර ලසන්ත වික්‍රමතුංග ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතුයැ යි චෝදනා කරමින් ලසන්තගේ දියණිය අහිම්සා වික්‍රමතුංග ඇමෙරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් ද ගොනු කළා.

🟢 කොවිඩ් එන්නත් මඟී ගසා කෑ බවට එල්ල වන චෝදනා  


ඇමරිකානු පුරවැසිභාවය සහ ජනපති සටන

🟢 යුද හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඇමරිකානු පුරවැසියකු වූ ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා එම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගත් බව එකල සඳහන් කළා.

🟢 ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය පිරිනැමීම සම්බන්ධයෙන් තාක්ෂණික බාධකය වී තිබුණේ ඔහුගේ ද්විත්ව පුරවැසිභාවයයි.

🟢 2019 ජනපති සටනට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට නැවත වරක් ජනාධිපතිවරණයකට තරග කිරීමට හැකියාවක් තිබුණේ නැහැ. ඒ, 19 වැනි සංශෝධනය මඟින් ව්‍යවස්ථානුකූල ඊට බාධාවක් මතුව වූ නිසා.

🟢 කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ තම යටි අරමුණු මුදුන්පත් කර ගැනීම උදෙසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොදු අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂව ඉදිරිපත් කරනු ලැබුවා.

🟢 පසුව ගෝඨාභය රාජපක්ෂ පාස්කු ප්‍රහාරයට සම්බන්ධවූවන්ට දඬුවම් දෙන වග කියමින් මැතිවරණයට ඉදිරිපත්වූවත්, එම පොරොන්දු ඉටුකිරීම ද පැහැර හැරියා.   


ජනපති පදවියෙන් පසු

🟢 ජනපති ධුරය හිමි වීමෙන් පසු ගෝඨාභය විසින් කෘෂිකර්මය මුළුමනින් කාබනිකකරණය කිරීම, බදු කපාහැරීම ආදී විශාල ව්‍යාපෘති රැසක් සිදු කළ අතර එමඟින් ශ්‍රී ලංකා ආර්ථිකයටදැඩි ලෙස හානි සිදු වුණා.(කාබනික පොහොර නතර කිරීම නිසා කෘෂිකර්මාන්තයට සිදුවු විනාශය ජනපති ලෙස පිළිගැනීම)

🟢 බොහෝ අමාත්‍යංශයන්හි ලේකම්ධුරවලට ද, කාර්ය සාධන බලකායන්හි ඉහළ තනතුරුවලට ද හමුදා නිලධාරීන් පත් කළා.(මේ ගැන දේශපාලන ක්ෂ්ත්‍රයේ දැඩි විවේචන එල්ල විය)

🟢 රාජ්‍ය ආයතන වල අක්‍රමිකතා සහ ප්‍රමාදයන් සොයා බැලීමට ජනපති ලෙස හදිසියේ එම ආයතන වලට ගොස් ප්‍රශ්න කිරීම.(උද: මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව).

🟢 කොවිඩ් වසංගතයේ පළමු රැල්ල පාලනය කළ ආකාරය සම්බන්ධයෙන් ජනතා ප්‍රසාදයක් දිනාගත්තා.

🟢 කෙසේ වෙතත් කොවිඩ් ලංකාවෙන් තුරන් කළ බවට ප්‍රකාශ කරමින් 2020 මහා මැතිවරණය කටයුතු සිදු කෙරුණා. නමුත් ඒ හේතුවෙන් පාලනයකින් තොරව කොවිඩ් ව්‍යාප්ත වූ බවට රටේ විශේෂඥයින්ගෙන් චෝදනා එල්ල වුණා.

🟢 ගමසමග පිළිසදරක් වැඩසටහන ක්‍රියාත්මක කරමින් ගමින් ගමට යාම.

🟢 රට පුරා කිලෝමීටර් ලක්ෂයක් කාපට් මාර්ග ඉදි කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම.(මේ වන විට රටේ පවතින දැඩි මූල්‍ය අර්බුධය හමුවේ නතර කිරීමට සිදුවීම)

🟢 එමෙන්ම මැතිවරණ පොරොන්දු හරහා ප්‍රකාශ කළ අන්දමට පාස්කු ප්‍රහාරයේ හා මහබැංකු වංචාවේ චූදිතයින් සොයා දඬුවම් නොකිරීම, තම රජයේ සහ ඥාති හිතමිත්‍රාදීන්ගේ වංචාව හා දූෂණය හෙළිවීම ද, ඔහුට සහ හිතමිත්‍රාදීන්ට එරෙහිව පනවා තිබූ නඩු ඉවත්කර දැමීම ද ජනපතිවරයාගේ ප්‍රසිද්ධියට සහ කීර්තිනාමයට හානි සිදු වුණා.

🟢 ඩොලර් අර්බුදය විසින් ඇතිකළ ආර්ථික අර්බුදය හේතුවෙන් රටෙහි ඇතිවූ ඉන්ධන, ඖෂධ හා ආහාර ද්‍රව්‍ය හිඟකම සහ දිනෙන් දින ඉහළ යන උද්ධමනය වැඩි වූ අතර එය දරාගත නොහැකිව ලොකු කුඩා භේදයකින් තොරව ජනතාව පාරට බැස්සා. ජනතා උද්ඝෝෂණ දිනෙන් දින වැඩි වුණා  


කෙසේ වෙතත් අවසානයේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු වුණේ ජනතා පරමාධිපත්‍ය බලයට යටත් වී ගම රට හැර පලා යාමටයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now