බුරිය ඇතුලේ තියෙන මේ දේවල් ගැන ඇහුවොත් ඔබ පුදුම වේවි.
මවගේ කුස තුළ සිටියදී ඔබට ජීවය දුන් පෙකණිවැල සම්බන්ධ වූ බුරිය එහෙමත් නැත්නම් පෙකණිය කියන්නේ ඔබට ඔබේ උපත සිහි කරන සංකේතයක්. හැබැයි මේක කුඩාවට තිබුණට, ඔබ හිතනවාට වඩා ඒක බරපතල ශරීර අංගයක්.
💫 - විද්‍යාඥයන්ට නම් පෙන්නේ ඒක මහා බැක්ටීරියා වනාන්තරයක් විදිහටයි. ලෝකයේ වැසිවනාන්තරවල හමුවන ජෛවවිවිධත්වයට සමාන බැක්ටීරියා පරිසර පද්ධතියක් මිනිස් පෙකණිය තුළ තිබෙන බව නවතම අධ්‍යනයකින් හෙළි වී තිබෙනවා.
💫 ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් වසර දෙකක් තිස්සේ සිදු කළ පරීක්ෂණ වලට අනුව බුරිය ඇතුලේ විවිධ බැක්ටීරියා විශේෂ 2,368ක් ඇති බවත්, ඉන් 1,458ක් ම විද්‍යාව විසින් මෙතෙක් හඳුනා නොගත් අලූත් බැක්ටීරියා විශේෂ බවත් සොයාගෙන තිබෙනවා.
💫 ඇමරිකාවේ උතුරු කැරොලිනා ප‍්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය රොබ් ඩන් පවසන්නේ, " සාමාන්‍යයෙන් බහුලව ඇති බැක්ටීරියා විශේෂයන් පරිණාමීය වෙනස්කම්වලට භාජනය වී ඇත්තේ සුළු වශයෙන් වන අතර ඒවා ගති ලක්ෂණ ඇති කර ගෙන ඇත්තේ මිනිස් සම මත පහසුවෙන් ජීවත් වීමට අවශ්‍ය ප‍්‍රමාණයට විතරයි"
💫 ආචාර්ය ඩන් ඇතුළු පර්යේෂකයන් පිරිස මේ වන විට ගත වූ වසර දෙක තුළ පෙකණිවළවල් 500ක් විතර පරීක්ෂාවට ලක් කරල ඉවරයි. එයින් 60 දෙනකු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර කළ අධ්‍යයනයන් පසුගියදා පීඑල් ඕඑස් වන් (PLoS One) නම් විද්‍යාත්මක පර්යේෂණ සඳහා වූ අන්තර්ජාල ජර්නලයේ පළ කර තියෙනවා.
💫 පර්යේෂකයන් ඔවුන්ගේ මේ ව්‍යාපෘතිය දියත් කළේ, මිනිස් සම මත ඒකරාශී වන ක්ෂුද්‍රජීවීන් නිසා මෑත අවුරුදුවල මතු වූ තත්වයන්ට හේතු කාරක වූ රෝග කාරකවලට එරෙහිව ආරක්ෂාව සැලසීමේ නව ක‍්‍රමවේදයන් සෙවීමේ අරමුණින්.
💫 " මේ ක්ෂුද්‍රජීවීන් නොමැතිව අපේ ප‍්‍රතිශක්ති පද්ධතිය නිසියාකාරව පවත්වා ගෙන යන්නට අපට හැකියාවක් නැහැ." ආචාර්ය ඩන් ඒ පිළිබඳව ප‍්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
💫 - පර්යේෂක කණ්ඩායම මේ පරීක්ෂණය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අයට කීවා පුළුන් ගුළියක් පෙකණියට දමා තෙවරක් දෑතට කරකවා එය ඔවුන්ට ලබා දෙන්නට කියා. ඉන්පසු ඔවුන් එහි වූ බැක්ටීරියා වර්ග රසායනාගාරය තුළ රෝපණය කළා.
💫 - අපට මෙන්ම මයික්‍රොකස් විශේෂයන්ට ජීවත්වෙන්නට ඔක්සිජන් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒවා පෙකණිවළේ ගැඹුරේ ජීවත් වෙන්නේ නැහැ. ඔවුන්ට එහි වියළි සම මත ආහාර නොගෙන බොහෝ කලක් නොමැරී ජීවත්වෙන්න පුළුවන්.
💫 - ක්ලොස්ටී‍්‍රඩියා විශේෂ අපේ ආහාර විෂවීම් ආදියට හේතු වුණත් ජීවත් වීමට වාතය අවශ්‍ය නොවන වැඩි හරියක් මේ ක්ෂුද්‍රජීවී වර්ගවලින් අපට හානියක් නැහැ. සමහර විට ඒවා අපට යම්යම් වාසි සලසනවා. මේ වර්ග සමහර විට ඔබේ බුරියේ විතරක් නොවෙයි, කනෙහිත් ජීවත් වෙනවා.
💫 ස්ටැපිලෝකොකස් බැක්ටීරියා හා ප‍්‍රතිජීවක බැසිලස් බැක්ටීරියාව යන මේ විශේෂ දෙක බොහෝ දෙනාගේ පෙකණිවල බහුලව දක්නට ලැබෙනවා.
💫 අධ්‍යයනයට භාජනය කළ විවිධ වංශ වර්ග 2,368කින් වර්ග අටක් මෙම අධ්‍යයනයට එක් වූ අයගෙන් සියයට 70ක් දෙනා අතර පොදු වූ බව පෙනී ගියා.
💫 ඒ ක්ෂුද්‍රජීවීන් වර්ග අටට ස්ටෙප්ලොකොකයි, කොරිනේබැක්ටිරියා, ඇක්ටිනෝබැක්ටීරියා, ක්ලොස්ටී‍්‍රඩියාලේස් හා බැසිලයි යන බැක්ටීරියා ඇතුළත් වුණා. ඒ බැක්ටීරියා ගහණයෙන් සියයට 50ක් ම පැවතියේ මේ වර්ගවලට අයත් බැක්ටීරියායි.
💫 එමෙන්ම පොදු නොවූ බැක්ටීරියා විශේෂ 67ක් ද හමුවුණා. "මේ විවිධත්වය නිසයි, අප මෙය වැසිවනාන්තරවල ජෛව විවිධත්වයට සමාන කර දක්වන්නේ." ආචාර්ය ඩන් පවසනවා.
💫 මේ සාම්පල විශ්ලේෂණය කිරීමෙන් හා ඒවායේ ව්‍යාප්තිය හැදෑරීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙනවා ඒවා මිනිස් සිරුරේ ප‍්‍රතිශක්තිය ගොඩ නගන්නට උපකාර වන හැටි සොයන්න.
💫 විද්‍යා ලේඛකයකු වූ කාල් සිමර් පවසන්නේ, මේ විමර්ශනයේදී විස්මිත දේ හෙළි වූ බවයි. ඒ අනුව ඔහුගේ බුරියේ විවිධ බැක්ටීරියා වර්ග 53ක් ඇති බව ඔවුන් විසින් සොයා ගෙන තියෙනවා. ඒ සමහර තොරතුරු පුදුම සහගතයි. ඔහු මේ පිළිබඳව ලියමින් හෙළිදරවු කළේ ඔහුගේ බුරියෙහි මැරිමෝනස් බැක්ටීරියාව වැනි සාමාන්‍යයෙන් හමු නොවන බැක්ටීරියා මීට පෙර හමුවී ඇත්තේ සාගරයෙන් පමණයක් බවයි.
💫 එමෙන්ම ඔහුගේ නැබෙහි ඇති බැක්ටීරියාවල වාර්තාව ගැන සඳහන් කරමින් ඔහු පවසන්නේ, "මා ළඟ ඇති ජෝජීනියා නම් බැක්ටීරියාව මීට පෙර විද්‍යාඥයන්ට හමු වී ඇත්තේ ජපානයේ පසෙහි විතරයි. එය කෙසේ මා ළඟට ආවාද යන්න සිතීම පවා පුදුමයක්" කියායි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |