අවුරුදු 30 න් පසුව ඔබේ ශරීරයේ සිදුවන අමුතු දේවල් 10 ක්.
සාමාන්‍යයෙන් වයස අවුරුදු 30 න් පස්සේ අපේ ශරීරය විවිධ වෙනස්කම් වලට භාජනය වෙනවා. ඒවායින් සමහර දේවල් නම් අහද්දී පුදුම වෙන්නත් පුළුවන්, මොකද මේ වගේ දේවල් වෙන්නේ කොහොමද කියලා හිතෙනකොට. ඉතින් අපි බලමු අවුරුදු 30 පැනපු ගමන් සිරුරේ සිදු වන අමුතු වෙනස්කම් මොනවද කියලා.
01. මොළය කුඩා වීම
♻️ වයසත් එක්ක මොළයේ ප්‍රමාණය වර්ධනය වෙන්නේ නැහැ.
♻️ නමුත් මොළය කුඩා වෙනවා. ඒ කියන්නෙ අපි වයසට යනකොට මොළයේ සමහර කොටස් හැකිලී යනවා.
♻️ සාමාන්‍යයෙන් වයස අවුරුදු 30 න් පසු දිනකට නියුරෝන 50,000 ක් පමණ අහිමි වෙනවා. ඒත් අපගේ මොළය ඒකට අනුවර්තනය වෙන විදිහ දන්න නිසා කලබල වෙන්න දෙයක් නැහැ.
♻️ කෙසේ වෙතත් වයස අවුරුදු 40 න් පසුව මොළයේ 5% කින් වගේ ප්‍රමාණයෙන් අඩු වෙන බව පරීක්ෂණවලින් හොයාගෙන තිබෙනවා.
02. දහඩිය දැමීම අඩු වීම
♻️ කාන්තාවන්ට වයස සමඟ වෙනස් ලෙස දහඩිය දැමීමට පටන් ගන්න බව අපි දන්නවා.
♻️ මේ සමහර වෙනස්කම් ආර්තවහරණයට නිසා සිදුවෙනවා.
♻️ ඒ වගේම වයස සමඟ දහඩිය ග්‍රන්ථි (බොහෝ විට අත් යට) හැකිලී යන බවත් පර්යේෂකයන් පවසනවා. එහි ප්‍රතිඵලයක් විදිහට, දහඩිය ග්‍රන්ථිවල සංවේදීතාවය අඩු වෙලා දහඩිය නිපදවීම අඩු වෙනවා.
03. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම අඩුවීම
♻️ අපට නිතරම හෙම්බිරිස්සාව හැදෙනවා. ඒත් අපි වයසට යනකොට කිවිසුම් යාම සහ කැස්ස ඇතිවෙන එක අඩු වෙනවා.
♻️ මැදි වයසට එනකොට, දැනටමත් රෝග බොහොමයක් වැළඳී තිබෙන නිසා අපේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය පොඩි කාලෙට වඩා ගොඩක් ශක්තිමත්.
04. රස දැනීම අඩුවීම
♻️ ගොඩක් පුද්ගලයන්ට විශේෂයෙන් වයස 60න් පසුව ඔවුන්ගේ රස අංකුරවලින් සමහරක් අහිමි වෙනවා.
♻️ වැඩිහිටි පුද්ගලයන් බොහෝ විට සීනි සහ ලුණු අධික ආහාර වැඩිපුර අනුභව කරන්නේ ඒ නිසයි. ගඳ සුවඳ දැනීමත් මේ විදිහට වයසත් එක්ක අඩු වෙනවා.
05. මාංශ පේශි බර අඩු වීම
♻️ වයසට යාමේ වඩාත්ම කැපී පෙනෙන ප්රතිවිපාකවලින් එකක් තමයි මාංශ පේශි වල ස්කන්ධය අඩු වීම.
♻️ එහි ප්‍රතිඵලයක් විදිහට, සිරුරදුර්වල වෙනවා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 30 න් පසු දශකයකට ආසන්න වශයෙන් 3-8% කින් අපේ මාංශපේශි ස්කන්ධය අඩු වෙනවා. මේ අනුපාතය වයස අවුරුදු 60 න් පසුව තවත් අඩු වෙනවා.
06. පරිවෘත්තිය ස්ථාවර වීම
♻️ අපේ පරිවෘත්තීය ක්‍රියාවලිය වයසත් සමඟ ස්ථායීකරනය වන අතර වඩාත් තීරණාත්මක කාල පරිච්ඡේදය වයස අවුරුදු 50-60 පමණ වන බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.
♻️ වයස 80 න් පසු, පරිවෘත්තීය වේගය අඩු වන නමුත් අන්තිමේදි ස්ථායීකරණ ක්‍රියාවලිය අවසන් වෙනවා.
07. පෞරුෂය ස්ථාවර වන අතර ඔබ ඔබ බවට පත් වීම
♻️ වයස අවුරුදු 30 සහ 50 අතර කාලය වෙනකොට අපේ පෞරුෂය ස්ථාවර තත්වයට පත් වෙනවා. 08. නියපොතු වර්ධනය වන වේගය අඩු වීම
♻️ තරුණ වියේදී අපේ නියපොතු වේගයෙන් වර්ධනය වෙනවා.
♻️ මේ බව මුලින්ම නිරීක්ෂණය කරන ලද්දේ වෛද්‍ය විලියම් බීන් විසින් ඔහුගේ වම් අතේ නියපොතු දිනකට මිලිමීටර් 0.123ක වේගයකින් වර්ධනය වන බව නිරීක්ෂණය කර තිබෙනවා.
♻️ වයස අවුරුදු 67 න් පසු, මේ අනුපාතය දිනකට මිලිමීටර් 0.095 දක්වා අඩු වුණා.
♻️ මේ වෙනස්කම් රුධිර සංසරණය නිසා සිදුවිය හැකි බව පර්යේෂකයන් පවසන්නේ.
09. දත්වල සංවේදීතාව අඩු වීම
♻️ වයසට යනකොට අපේ දත්වල සංවේදීතාව අඩු වීමට හේතුව තමයි, දතක එනමලය සහ එහි මධ්‍යම ස්නායුව අතර තිබෙන ඩෙන්ටීන් (දෘඩ අභ්‍යන්තර පටක) ශක්තිමත් වීමයි.
♻️ මේ ශක්තිමත් කිරීම නිසා දත්වල සංවේදිතාව ටිකෙන් ටික අඩු වෙනවා.
10. සතුටක් දැනීම
♻️ සාමාන්‍යයෙන් ජීවිතය ගැන හොඳ හැඟීමක් තියෙන්නෙ කුඩා දරුවන්ටයි. තරුණ හා මැදි වයසෙදි ජීවිතය ගැන තියෙන්නෙ මධ්‍යස්ථ හැඟීමක්. මොකද කෙනෙක්ට ඒ වයස්වලදි ගොඩක් සිදුවීම්වලට මුහුණ දෙන්න සිදුවෙනවා.
♻️ ඒත් වයස්ගත වුණාම අපට සතුටින් හා තෘප්තිමත් බවක් දැනෙන බව පර්යේෂකයෝ හොයාගෙන තියනවා.
♻️ ඒ වගේම වයස්ගත වෙනකොට මානසික අවපීඩනය අඩු වන අතර සුබවාදී හැඟීම් වැඩිපුර අත්විඳින්න ලැබෙන බවත් හොයාගෙන තියනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |