පාන් කෑම සම්පූර්ණයෙන්ම නතර කළොත් සිරුරට සිදු වන දේවල් 7ක්.
පාන් කියන්නේ ගොඩක් අයගේ ප්‍රියතම ආහාරයක්. සමහරුන්ට තුන්වේලම වුණත් දුන්නත් කයි. ඉතින් අපි මේ හොයලා බලන්න හදන්නේ පාන් කෑම සෞඛ්‍ය සම්පන්නද? පාන් කෑම නැවත්තුවොත් සිරුරට කුමක් සිදු වෙයිද? කියන කරුණු දෙක ගැනයි.
පාන් වල අඩංගු පෝෂණය
?පාන් වල කැලරි, විටමින්, ඛනිජ ලවණ, ප්‍රෝටීන, ඇමයිනෝ අම්ල, කාබෝහයිඩ්රේට්, මේද අම්ල සහ මේද අඩංගුයි. මෙහි වැඩිපුරම අඩංගු වෙන්නේ කාබෝහයිඩ්රේට්.
?කාබෝහයිඩ්රේට් කියන්නේ සිරුරට ශක්තිය ලබාදෙන පෝෂණ සංඝටකයක් වන අතර වැඩිපුර පරිභෝජනය කිරීමෙන් තරබාරු වීම සහ දියවැඩියාව වැනි රෝග වලට හේතු වෙනවා.
? සුදු පාන් වගේ කාබෝහයිඩ්රේට ආහාර පරිභෝජනය නතර කළොත් සිරුරේ බර රාත්තල් කිහිපයකින්ම අඩු කරගන්න පුළුවන්.
? ඒ වගේම තමයි සම්පූර්ණ තිරිඟු පිටි සාරයෙන් හදන පාන් වර්ග පරිභෝජනයට ගැනීම සම්පූර්ණයෙන් නතර කිරීම ඔබට යම් යම් ගැටලු ඇතිකළ හැකි බවත් අධ්‍යයන මඟින් පෙන්වාදී තිබෙනවා.
පාන් කෑම සම්පූර්ණයෙන් නතර කළොත්?
1. බර අඩුවීම
? ශරීරයට ගලා එන කැලරි ප්‍රමාණය සහ කාබෝහයිඩ්රේට් ප්‍රමාණය අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස මුලින්ම ඔබට බර අඩු වීම සහ එමගින් ශරීරය තුළ ගබඩා වී ඇති ජලය අඩු වීම දැනෙන්න පටන් ගන්නවා.
? ශරීරයේ කාබෝහයිඩ්රේට් පරිභෝජනය අඩු වූ විට, එය “ග්ලයිකෝජන්” ස්වරූපයෙන් ගබඩා කර ඇති ශක්තිය දහනය කිරීමට පටන් ගනී,
? එය අක්මාවේ සහ මාංශ පේශිවල කාබෝහයිඩ්රේට් ගබඩා කර ඇති ආකාරය වන අතර මෙය ජලය අඩුවීමට සහ බර අඩුවීමට හේතු වෙනවා.
? වඩාත් පැහැදිලිව කියනවා නම්, මාංශ පේශිවල ගබඩා කර ඇති සෑම ග්ලයිකෝජන් ග්‍රෑම් එකක්ම ජලය ග්‍රෑම් 3 ක් සමඟ සම්බන්ධ වන අතර එබැවින් මෙම ජලය නැතිවීම සෞඛ්‍ය සම්පන්න බර අඩු කර ගැනීමක් නොවේ, නමුත් ඊට ප්රතිවිරුද්ධව එය සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන්න පුළුවන්.
2. කෙණ්ඩා පෙරළීම්
? සම්පූර්ණයෙන්ම පාන් ආහාරයට ගැනීම නතර කිරීමෙන් කෙණ්ඩා පෙරළීම් වගේ ගැටලු ඔබ තුළ ඇතිවීමට තිබෙන ඉඩකඩ වැඩියි.
? බොහෝ විට රාත්‍රී කාලයේදී මෙසේ වේදනාකාරී ලෙස මාංශ පේශී සංකෝචනය වීම් සිදුවිය හැකි අතර ඇතැම් විට මිනිත්තු කිහිපයක් පුරා පීඩාව පවතින්න පුළුවන්.
? පාන් වල එලෙක්ට්රොලයිට බහුලයි.ඔබේ සිරුරට මේ අත්‍යවශ්‍ය පෝෂක යහමින් නොලැබෙන විට, මෙවැනි මාංශ පේශී ගැස්මන් හටගැනීමට එය බලපානවා.
3. තෙහෙට්ටුව දැනීම
? සුදු පාන් කියන්නේ සිරුරට අවශ්‍ය තරම් කාබෝහයිඩ්රේට ලබාගන්න තියෙන නීරෝගී ආහාර වේලක් නෙවෙයි.
? සම්පූර්ණ තිරිඟු හා ධාන්‍ය පියලි වලින් සකසන පාන් මධ්‍යස්ථ ප්‍රමාණයකින් ආහාරයට ගැනීමෙන් සිරුරට ශක්තිය ලැබෙනවා.
? ඊට හේතුව තමයි මෙම පාන් වල තන්තු,යකඩ හා මැග්නීසියම් වගේ පෝෂක බහුල වීම.බඩ පිරෙන ගතිය වැඩියි වගේම සිරුරට හොඳ ශක්තියක් ලබාදෙනවා
4. පැණි රස ආහාර පාන වලට නැඹුරුවීම
? පාන් කියන්නේ කාබෝහයිඩ්රේට අඩංගු ආහාරයක් වගේම සිරුරට ශක්තිය ලැබෙන ආහාරයක්.
? සම්පූර්ණයෙන්ම පාන් කෑම අත්හැරීමෙන් සිරුරට අවශ්‍ය ශක්තිය සපුරගන්න වෙනත් ක්‍රමයක් සොයාගැනීමට සිරුරට සිදුවෙනවා.
? සිරුරට මහන්සිය, පණ නැති ගතියක් දැනුණු අවස්ථා වල සිරුරට ඉක්මන් ශක්ති ප්රබෝධයක් ලබාදෙන පැණිරස ආහාර හා පැණි බීම වගේ දෙයක් කන්න පෙළඹෙනවා.
? මධ්‍යස්ථ ප්‍රමාණයකින් පාන් ආහාරයට ගැනීම සිරුරේ බර වැඩිවීමට හේතුවන්නේ නැහැ.
? නමුත් අප්‍රාණිකබවක්, තෙහෙට්ටුවක් දැනෙන අවස්ථා වල කුකීස්,චොකලට් වගේ දේවල් කන්න පුරුදු වෙන්න නම් එපා.
5. මලපහ බැහැර කිරීමේ අපහසුතා
?සුදු පාන් ආහාරයට ගැනීම නතර කළොත් ගැටලුව ඇති වෙන්නේ නැහැ.
? නමුත් සම්පූර්ණ තිරිඟු පිටි (whole wheat flour) වලින් සකසන පාන් හෝ වෙනත් ආහාර ගැනීම සම්පූර්ණයෙන් නතර කළොත් මලපහ පිටකිරීමේදි යම් යම් අපහසුතා ඇතිවිය හැකියි.
? සම්පූර්ණ තිරිඟු පාන් වල තන්තු අන්තර්ගතය ඉතා ඉහළයි. ඒ නිසා ආහාර ජීර්ණ ක්‍රියාවලියට හොඳින් ආධාර කරනවා.
6. මනෝභාවයන් නිතර වෙනස්වීම
? කාබෝහයිඩ්රේට ආහාරයට ගද්දී අපේ සිරුරේ සෙරටොනින් නම් පුද්ගලයා තුළ සතුට තෘප්තිය දනවන හෝර්මෝනයක් ස්රාවය වීමට පටන්ගන්නවා.
? මෙම රසායනයට හැකියි අපේ ආහාර රුචිය යටපත් කිරීමට.
? නීරෝගි කාබෝහයිඩ්රේට ආහාර පාන ආහාරයට එක්කර ගැනීම බඩගින්න පාලනය කරගන්න ගමන් ඔබේ මනෝභාවයන් යහපත් කරගන්න ද උදව් වෙනවා.
7. හෘද රෝග අවදානම් ඉහළ යා හැකියි
? පිරිපහදු කළ කාබෝහයිඩ්රේට පුද්ගලයින් තුළ හෘද රෝග අවදානම ඉහළ දැමිය හැකි වුවත් සම්පූර්ණ පෝෂණය අඩංගු ධාන්‍ය පරිභෝජනයට ගැනීම සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම් අඩුවීමට හා හෘද ගැටලු ලක්ෂණ පාලනය වීමට ගුණ දෙන බව ඔප්පු වී තිබෙනවා.
? ඒ නිසා ඔබේ ආහාර පාන ලැයිස්තුවෙන් ඉවත්කරන ධාන්‍ය වර්ග ගැන සිතීම ඉතා වැදගත්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |