හීනෙන් උඩකින් වැටිලා තියෙනවද? නැත්නම් හීනයක් ඇතුලේ තවත් හීනයක් දැකලා තියෙනවද?

By Wayomi Jul 07, 2022 08:13 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

නින්ද කියන්නේ අපේ වෙහෙසකාරී මනස සහ සිරුරට විවේකයක් ලබාදෙන දෙයක්. අපේ මොළය පිරිසිදු කරනවා,brain cells ශක්තිමත් කරනවා වගේම නින්දේදී තමයි සිරුරේ පටක අළුත්වැඩියා කරලා ප්‍රතිශක්තිය වැඩි කරන්නෙත්. හරියට නින්දක් ලැබුණේ නැත්නම් විවිධ මානසික ව්‍යාකූලතාවයන් වගේම කායික රෝගත් ඇති වෙන්න පුළුවන්.    

ඒ වගේම ගොඩක් දෙනෙක් නින්දේදී කරන්නේ හීන දකින එක. සමහරුන්ට නම් මලා වගේ නින්ද යනවා වුණාට, තවත් සමහරු ඉන්නවා එක එක විදිහට විවිධ හීන දකින. ඒ අතරේ ඉන්නවා හීනෙන් ඇවිදින අයත්.

මේ හීන දැකීම සම්බන්ධව තියෙන මිත්‍යා විශ්වාස ගැන නම් ඇත්තක් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් නින්දේ ප්‍රධාන කොටස් 2ක් තියෙනවා.

1) Non REM sleep

2) REM sleep 

? මුලින්ම අපි ඉන්නේ on REM sleep එකේ. ඊට පස්සේ තමයි REM sleep අවස්ථාවට එන්නේ. ඒක ඔයාට පෙන දෙයක් නෙවෙයි නින්දේදී වෙන දෙයක්.

? Non REM අවස්ථාව විනාඩි 5 - 15 විතර කාලයක් තමයි පවතින්නේ. එහිදී ඔබ ඇස් වහගෙන හිටියට හරි පහසුවෙන් අවදි කරවන්න පුළුවන්.

? ඊට පස්සේ යන්නේ ඔයා ගැඹුරු නින්දට. මේ වෙලාවෙදි කවුරුහරි ඔබව අවදි කළොත් ඔබට ඉන්නේ කොහෙද කියලවත් හිතගන්න බැරිව යනවා, සමබරතාවය බිඳී යනවා. වෙලාවකට නැගිටලා විසි විසි ඇවිදින්නේ අන්න ඒක නිසයි. ඔබ ගැඹුරු නින්දකට වැටෙද්දී හෘදස්පන්දනය අඩු වෙනවාවී ගෙන එනවා, ශරීර උෂ්ණත්වයත් අඩු වී ගෙන එනවා.

? ඉතින් මේ ගැඹුරු නින්දෙන් පස්සේ තමයි ඔබ REM sleep තත්වයට එන්නේ. මේ වෙලාවෙදි ඔයාගෙ ඇස් ඉතාම වේගයෙන් චලනය වෙනවා. ඔබට එය දැනෙන්නේ නැහැ. නමුත් බලන් ඉන්න කෙනෙක්ට නම් ටිකක් අමුතු වෙන්න පුළුවන්.

? මේ REM sleep එක ඇතිවෙන්නෙ අපි නිදාගෙන විනාඩි 90ක් විතර යද්දි. මේක විනාඩි 10ක් විතර පවතින අතර දෙවෙනි REM sleep එක නම් විනාඩි 10ට වඩා දිගයි. එහෙම දිග වැඩිවෙලා අන්තිම එක පැයක් දක්වා උනත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නම් මෙය විනාඩි 90 විතර චක්‍රයක් හැටියටයි වෙන්නේ. 


හීනෙන් උඩකින් වැටෙන වගේ දැනෙනවා නේද?

? හීනෙන් කොහෙහරි උඩක ඉඳලා එක පාරට වැටෙනවා වගේ දැනෙන එක ගොඩක් අයට තියෙනවා. ඒ වෙලාවට එක පාරට ගැස්සිලා ඇහැරෙනවා. නැත්නම් කවුරුහරි කකුලෙන් අදිනවා වගේ දැනෙනවා.

? කලින් කිව්වා වගේ REM sleep එකේදී හෘදස්පන්දනය අඩුවෙලා.. මොළයේ උෂ්ණත්වය පහළ යනවා. ඒ වගේ වෙලාවට මොළයට හිතාගන්න බැරි වෙනවා අපි ඉන්නේ කොහෙද, නින්දේද නැත්නම් මැරිලද කියලා.

? ඉතින් ඒ වෙලාවට මොළය කරන්නේ ශරීරයට false signal එකක් එවලා ඒ signal එකට ශරීරය ප්‍රතිචාර දක්වනවද කියලා බලන එක. ඒක නිකන් මේ මොළය කරන පොඩි test එකක්.  


 Lucid Dreaming

? ලුසිඩ් ඩ්‍රීම්ස් හරිම තාත්විකයි. උපරිම තාත්විකයි. ඒකෙ තරම කියනවා නම් ඔබට හිතාගන්නවත් බැහැ ඔබ මේ ඉන්නේ හීනෙකද හැබෑ ලෝකයක්ද කියලා. ඔබ ඒ විදිහට දකින සමහර හීන වලදී ඔබ සතුටු වෙනවා, දුක් වෙනවා, අඬනවා, ආදරේ කරනවා, ඒ feeling එක හොඳටම දැනෙනවා නේද? අන්න ඒ හීන ලෝකයට තමා කියන්නේ Lucid Dreaming කියලා.

? හැබැයි ඒ හිනේදී අපිට සැබෑ ලෝකයේදී බැරි හැමදේම කරන්න පුළුවන්. පියාඹන්න වුණත් පුළුවන්. මොකද මේ හීන ලෝකෙ පරිසරය තනිකරම තියෙන්නෙ ඔබේ පාලනය යටතේයි.

? කැමති නම් පුළුවන් ඔබට නැගිට්ට ගමන් ඒ දැකපු හීනය පොතක ලියන්න. මොකද නිදාගෙන අවදි වෙද්දිම අපිට අපි දැකපු හීන වලින් 50%ක් විතර අමතකයි. ඇහැරිලා පළවෙනි විනාඩි 15 වගේ ඇතුලත හීනෙන් 90%ක් 95%ක්ම අමතක වෙනවා.  


හීනයක් ඇතුලේ හීනයක් දැකලා තියෙනවා.

? ඔබ හීන ලෝකෙදි නිදාගන්නවා. දැන් ඔබ හීනයක් දකිනවා. හරියටම බැලුවොත් ඔබ මේ දකින්නෙ හීනයක් ඇතුලෙ තියෙන තවත් හීනයක්.

? ඒ වගේ වෙලාවට එක පාරක් අවදිවුණාට වැඩක් නෑ ඔයා තාමත් ඉන්නෙ හීනයක් ඇතුලේ. ඒ නිසා දෙපාරක් අවදි වෙන්නම වෙනවා. ඒ වගේ හීන වලට නම් හරියටම හේතුවක් නැහැ.