බඩ පිපුම නිසා ඉදිරියට නෙරා එන බඩ අඩු කරන ක්‍රම.

Ministry of Health Sri Lanka Healthy Food Recipes
By Wayomi Oct 20, 2022 09:06 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

බඩේ ගෑස් අධිකවීම බඩපිපිමට සහ බඩ ඉදිරියට නෙරා ඒම සිදු වෙනවා. ඒ විදිහට ඔබේ බඩේ වාතය පිරෙන්නේ බඩවැල් තුල ජීවත් වෙමින් ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලිය පහසු කරවන ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසයි. එමෙන්ම අහිතකර ආහාර පාන වර්ග සහ බර වැඩි ආහාර වර්ග ගැනීම නිසා මෙලෙස බඩ පිපුම ඇති විය හැකියි.ඉතින් අපි බලමු ඒ විදිහට බඩ පිපිලා ඉදිරියට නෙරා එන බඩ අඩු කරගන්න පුළුවන් ක්‍රම මොනවද කියලා.

කෙටි දුරක් ඇවිදින්න

🟣 දිනපතා කෙටි දුරක් ඇවිදීමෙන් බඩ පිපුම ඇතිවීම බොහෝ දුරට අඩුකරගත හැකියි.

🟣 කායිකව ක්‍රියාශීලීව සිටීම බඩවැල් චලන වැඩිදියුණු වීම සහ මලබද්ධය සහ බඩේ ගැස් ඇතිවීම වැනි ජීර්ණ පද්ධතියේ ගැටළු ඇතිවීම වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා.


උදර ප්‍රදේශය සම්බාහනය කරන්න

🟣 ඔබ අධික ලෙස ආහාරගත් අවස්ථාවක බඩ රිදෙමින් බඩේ ගෑස් ගතිය ඉතා පීඩාකාරි ලෙස වැඩිවන බවක් ඔබට දැනෙන්න පුළුවන්.

🟣 එවැනි අවස්ථාවක පළමුව උඩු අතට වැතිරෙන්න, දකුණු උකුල් ඇටයට ඉහළින් අත තබාගෙන අත ඉහළට චලනය කරමින් දක්ෂිණාවර්තව කවාකාරව උදරය සම්බාහනය කරන්න.

🟣 මෙමඟින් ආහාර ආමාශයේ පහළට ගමන් කිරීමට සහයක් ලබාදෙමින් බඩේ තදගතිය , අධික පීඩන ස්වභාවය සහ බඩ පිපුම සමනය කරවනවා.


සීනි මද්‍යසාර භාවිතය සීමා කරන්න/නතර කරන්න

🟣 ‘ෂුගරි ඇල්කොහොල්’ හෙවත් erythritol, maltitol, sorbitol,xylitol වැනි සීනි මධ්‍යසාර සීනි රහිත ආහාර පාන වල මෙන්ම චුයින්ගම් වැනි රසකැවිලි වල ද අඩංගු වෙනවා

🟣 ඒවා සීනි ආදේශක ලෙස රසකාරක ලෙස භාවිතා කර තිබෙනවා.

🟣 සාමාන්‍යයෙන් ඒවා සෞඛ්‍යාරක්ෂිත බව පිළිගැනුනද ඒවා හේතුවෙන් ආමාශයේ යම් යම් ගැටලුකාරී ස්වභාවයන් හටගත හැකියි.

🟣 මේවා ආහාර ජිර්ණ මාර්ගයේ පහළ ප්‍රදේශයේ ජීවත් වන බැක්ටීරියා කරා ගමන් කල විට ඒවා බැක්ටිරියා මඟින් ජීර්ණ ක්‍රියාවලියට ඇරඹීමත් සමඟ අධික ලෙස ගෑස් නිෂ්පාදනය වීමට පටන්ගනියි.

🟣 සීනි මධ්‍යසාර අඩංගු සැකසූ රසකැවිලි ,අතුරු පස වෙනුවට ස්වභාවික පැණි රසකාරක අඩංගු පලතුරු අනුභව කරන්න.


ඔබට තිබෙන ආහාර ආසාත්මිකතා ගැන සැළකිලිමත්වන්න

🟣 ඇතැම් ආහාර ගැනීමෙන් පසු ඔබේ බඩ පුරවාදමන ගතියක් ඔබට දැනේ නම් මෙය ආහාර ජීර්ණ ගැටලුවක් නිසා ඇතිවන්නක් දැයි හඳුනාගැනීමට වෛද්‍ය උපදෙස් ලබාගන්න.

🟣 ඇතැම් පුද්ගලයින් ලැක්ටෝස්, ග්ලූටන්, තිරිඟු සහ ෆෘක්ටෝස් වැනි බහුලව භාවිතා වන ආහාර අමුද්‍රව්‍ය වලට ප්‍රතිරෝධය දක්වයි.

🟣 මෙය food intolerance නම් තත්වයකි.මෙවැනි ගැටලු ඇති පුද්ගලයින් මෙවැනි ආහාර පරිභෝජනය කළ විට ඔවුන්ගේ ශරීර මේවාට සෘණාත්මකව ප්‍රතික්‍රියා දැක්වීමට පටන්ගනියි.


කාබනීකෘත බීම වර්ග පානය කිරීමෙන් වළකින්න

🟣 වායු බුබුළු පිරවූ කාබනීකෘත බීම වර්ග පාන වර්ග (සොෆ්ට් drinks) පානය කිරිමෙන් ගෑස් ආමාශය තුළ සිරවී, බඩ පිපුම ඇතිවීමට හේතු වෙනවා.

🟣 මේවා වෙනුවට වතුර, පැණි කොමඩු යුෂ, පිපිඤ්ඤා යුෂ, ලෙමන් වතුර සහ පෙපර්මින්ට් තේ වැනි දියර වර්ග පානය කිරීම ඉතා ගුණදායකයි.


ඔබේ ආහාර වේලට ප්‍රෝබයෝටික් පෝෂණය එක්කරගන්න

🟣 ප්‍රෝබයෝටික් අඩංගු යෝගට් ආහාරයට ගැනීමෙන් එහි ඇති සක්‍රීය මාධ්‍යයන් මඟින් ඔබේ බඩපිපුම් ගතිය හොඳින් සමනය කරයි.

🟣 ආමාශයේ මිලියන ගණනක් විවිධ බැක්ටීරියාවන් ජීවත් වන අතර ඒ අතරින් ඇතැම් විශේෂ වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ආහාර ජීර්ණ මාර්ගයේ අධික ලෙස ගෑස් නිෂ්පාදනය වීම සිදු වෙනවා.

🟣 ප්‍රෝබයෝටික් පෝෂණය මඟින් බඩේ ගෑස් නිපදවීම පාලනය කිරීමට දායක වන අතර බඩ පිපුම අවම කරයි.


බඩේ ගෑස් ගතිය ඇතිකරවන ආහාර පාන ගැනීම පාලනය කරන්න.

🟣 කොළ පැහැති එළවළු වර්ග අතිශයින්ම ගුණදායකයි.

🟣 බ්‍රෝකෝලි, ගෝවා වගේ එළවළු වල තන්තු පෝෂක ඇතුලු පෝෂ්‍ය පදාර්ථ බහුල වන නිසා ඒවා මඟින් ආහාර ජීර්ණ පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීමට දායක වෙනවා.

🟣නමුත්, ඉහත සඳහන් කළ එළවළු වල ‍රැ‍ෆිනෝස් නම් සීනි විශේෂයක් බහුලව අන්තර්ගත වන අතර ඒවා ජීර්ණය කළ හැක්කේ මිනිස් ආමාශයේ සිටින බැක්ටීරියාවන්ට පමණ වන අතර ඒවා පැසවීමට පටන්ගැනීම හේතුවෙන් බඩපිපුම හටගැනීමක් ඇතිවිය හැකියි

🟣හැබැයි ,ඒවා ආහාරයට ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතු නැහැ. සීමිත ප්‍රමාණයකින් ආහාරයට ගන්න..

🟣 ඒවායේ අඩංගු සීනි ප්‍රමාණය යම් දුරකට ඉවත්වන සේ වාෂ්පයෙන් හෝ වතුරේ තම්බා ආහාරයට ගන්න.

🟣 ඊට අමතරව බෝංචි,එළවළු වර්ග, පරිප්පු, ලූනු සහ ඇපල් වැනි ආහාර වර්ග පරිභෝජනය නිසා ද බඩ පිපුම ඇතිවිය හැකියි.


ලුණු අඩුවෙන් ආහාරයට ගන්න

🟣 නිතර බඩපිපුම හටගනියි නම් ඔබ පරිභෝජනය කරන ලුණු ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්.

🟣 සෝඩියම් අධික ආහාර පාන පරිභෝජනය කිරීම නිසා සිරුරේ අතිරික්ත ජලය ඉවත්වීමේ ක්‍රියාවලිය මන්දගාමී වී යයි.

🟣 එහි ප්‍රතිඵලයක් ලෙස බඩේ බැලුමක් පිම්බෙන ගතියක් මෙන් බඩ ඉදිමුණු ස්වභාවයක් ඔබට දැනීමට පටන්ගනියි.

🟣 වැඩිහිටියෙකු විසින් දිනකට මිලිග්‍රෑම් 1500 කට වඩා ලුණු පරිභෝජනය නොකල යුතු බව නිර්දේෂ කර තිබෙනවා.

🟣 සිරුරේ ඇති අධික ලවණගතිය බැහැර කිරීමට වැඩිවශයෙන් ජලය පානය කරන්න.

බඩ පිපුම තත්වය නිදන්ගත රෝගයක හෝ බරපතල රෝග තත්වයක පූර්ව ලක්ෂණයක් ලෙස පහළ වීමේ අවදානමක් ද ඇති බැවින් ඊට බලපා ඇති මූලික හේතුසාධක හඳුනාගැනීමට වෛද්‍යවරයා උපදෙස් ලබාගැනීම වැදගත්.. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW