දවසින් දෙකෙන් නරක් වෙයි කියලා හිතන ආහාර කල්තියා ගත හැකි ක්‍රම.

Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Jun 24, 2022 10:00 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සමහර ආහාර වර්ග තියෙනවා කල් තියාගන්න පුළුවන් වුණත් දවසින් දෙකන් නරක් වෙනවා. ඉතින් අපරාදේ දවස් කිහිපයක් තියාගෙන කන්න පුළුවන් දේවල් නිකරුණේ නාස්ති වෙනවා. අනික මේ ආහාර නාස්තිය අඩු කරගන්නම ඕන කාලයක්. ඒ නිසා අපි බලමු ඇතැම් ආහාර වර්ග අපතේ නොයවා කල් තියාගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන.  🥑🍞🥐🍅🥦🍘

🍞 පාන්

* පෙති කපන ලද පාන් බෑගයට සැල්දිරි (Celery) දණ්ඩක් ඇතුළු කර එය තදින් වසා තබන්න.සැල්දිරි තෙතමනය අවශෝෂණය කර පාන් වල පුස් ඇති වීම ප්‍රමාද කරන අතර සතියක් විතර කල් තියාගන්න පුළුවන්.

🥑 අලිගැට පේර.

* අමු කොළ අලිගැට පේර ශීතකරණයේ තියන්න එපා. ඉදෙන්නේ නැහැ පොත්ත කළු වෙලා පුස් හැදෙනවා. ඒ නිසා කඩදාසි බෑගයකට දමා ඒවා ඉදෙන තුරු නිවසේ සිසිල් ස්ථානයක තබන්න. සාමාන්‍යයෙන් දින 3-4ක් යනවා අලිගැටපේර ඉදෙන්න.

🍚 තිරිඟු පිටි.

* තිරිඟු පිටිවලට කල්ගත වීමත් සමඟ ගුල්ලන් වැනි කෘමීන් හැදෙන්න පුළුවන්. එවැනි සතුන්ගෙන් තිරිඟු පිටි ආරක්ෂා කර ගන්න වියළි කපිංචා කොළ 2 ක් හෝ 3 ක් හෝ වියළි දෙහි කොළ හෝ රම්පේ කොළ සමඟ තිරිඟු පිටි වාතය රහිත භාජනයක් තුළ ගබඩා කරන්න. මෙහෙම මාස 5 - 6ක් තියාගන්න පුළුවන්.

🥐 ඉඟුරු

* ඉඟුරු මුල් ඒවායේ පොත්ත සමඟම වීදුරු භාජනයකට දාලා එයට සීතල නිවාගත් ජලය පුරවන්න. දැන් එම වීදුරු බඳුන වසා ශීතකරණයේ තබන්න. ඒ විදිහට ඉඟුරු දිගු කාලයක් නැවුම්ව තබා ගන්න පුළුවන්.

🍅 තක්කාලි පේස්ට්.

* ශීතකරණයේ විවෘත කළ තක්කාලි පේස්ට් බෝතලයක් තියෙනවා නම් සහ සතියක් ඇතුළත එය භාවිතා කළේ නැත්නම් නරක වෙන්න පුළුවනි. ඒ නිසා තක්කාලි පෙස්ට් කුඩා කොටස් වලට වෙන් කර වැක්ස් පේපර් එකකින් ආවරණය කර අයිස් කැට දමන ලද තැටියක හෝ ඉටි කඩදාසියක් තුල දාලා ශීතකරණයේ උඩ කොටසට දමා ෆ්‍රීස් කර කල් තබා ගන්න.

🍘 කුකීස්.

* බේක් කළ කුකීස් වර්ග සති 2ක් විතර තියාගෙන කන්න නම් කුකීස් පාන් පෙත්තක් සමඟ වාතය රහිත වීදුරු භාජනයක් තුළ දමා වසා තබා ගන්න. පාන් පෙත්ත මඟින් කුකීස් වල තෙතමනය අවශෝෂණය කර ගෙන පෙගෙන්නේ නැතිව තියාගන්න පුළුවන්.

🥦 කොහිල දළු

* කොහිල දළු ටික දවසක් නැවුම්ව තබා ගන්න, ඒවායේ දඬු වතුර සහිත භාජනයක බස්වා ඉහළ කොටස පොලිතීන් බෑගයකින් වසා රබර් පටියකින් සීල් කර ශීතකරණයේ තබන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW