WHO ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කෙරේ..!
වඳුරු උණ රෝගය (Monkeypox) ව්‍යාප්තියත් සමග ඉහළ යාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයට නිකුත් කළ හැකි ඉහළම අනතුරු ඇඟවීම වන අතර මෙමගින් ගෝලීයව වෛරසය ව්‍යාප්ත වීමේ ඉහළ යාමක් පෙන්නුම් කෙරෙනවා. monkeypox වෛරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුවේ දෙවන රැස්වීම අවසානයේදියි මෙම හදිසි තත්වය ප්‍රකාශයට පත්කර ඇත්තේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ රටවල් 75 කින් මේ වන විට රෝගීන් 16,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි. විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට තවත් ඇත්තේ මෙවැනි හදිසි අවස්ථා දෙකක් පමණක් බවයි.
ඒ කොරෝනා වයිරස් වසංගතය සහ පෝලියෝ තුරන් කිරීමේ අඛණ්ඩ උත්සාහයයි. වඳුරු උණ රෝගයෙන් මේවන විට මරණ පහක් සිදුව තිබෙනවා. වෛද්‍ය ටෙඩ්‍රොස් පැවසුවේ වඳුරු උණ වසංගතය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස වර්ගීකරණය කළ යුතුද යන්න පිළිබඳ සම්මුතියකට පැමිණීමට හදිසි කමිටුවට නොහැකි වූ බවයි.
කෙසේ වෙතත්, වෛරසය ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වී ඇති අතර එය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු බවට තීරණය කළ බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තක්සේරුව වන්නේ ගෝලීය වශයෙන් වඳුරු උණ වසංගතයේ අවදානම මධ්‍යස්ථව පවතින අතර යුරෝපීය කලාපය හැර අනෙකුත් සියලුම කලාපවල අවදානම ඉහළ මට්ටමක පවතින බවයි.
වෛරස ව්‍යෘප්තියට ඉඩ සැලසෙන නව සම්ප්‍රේෂණ ක්‍රම පිළිබඳ මෙතෙක් හඳුනාගෙන ඇත්තේ ඉතා අල්ප වශයෙන් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ජාත්‍යන්තරව සංචරණ සීමා කිරීම්වලට යොමු වීමේ අවශ්‍යතාව තවමත් අඩු මට්ටමක පැවතිය ද වෛරසය ජාත්‍යන්තරව පැතිරීමේ පැහැදිළි අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පෙන්වා දෙනවා.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම හදිසි තත්වය පැනවීම තුලින් එන්නත් නිපදවීම වේගවත් කිරීමට සහ වෛරසය පැතිරීම සීමා කිරීමට කඩිනම් පියවර ගැනීමට උපකාරී වනු ඇති බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය ද රෝගයෙන් ආරක්ෂා වීමට ජනතාව වෙනුවෙන් විවිධ නිර්දේශ නිකුත් කරමින් සිටින අතර එමඟින් වෛරසය සම්ප්‍රේෂණය වීම නතර කිරීමට සහ වඩාත් අවදානමට ලක්ව සිටින අය ආරක්ෂා කිරීමට පියවර ගැනීමට රටවල් පෙළඹෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ. වඳුරු උණ වෛරසය මුලින්ම සොයාගනු ලැබුවේ 1950 වසරේ මධ්‍යම අප්‍රිකානු කලාපයෙන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |