ප්රචණ්ඩ ක්රියාවල නිරත නොවූවත්, එතැන බලා සිටි අයව වරදකරුවන් කළ හැකි ද?
පසුගිය මාසයේ ප්රචණ්ඩ ක්රියා නිසා ඇතැම් පුද්ගලයන්ට විවිධ අකරතැබ්බයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා .ඒ අනුව දේපලවලට පහර දීම්,දේපල ගිනිතැබීම්, පුද්ගලයන්ට පහරදීම්,තුවාල කිරීම් සහ ඝාතන සිදුවීම් කීපයක් ද වාර්තා වුණා.
පසුව මෙම සිදුවීම්වලට අදාල සියලු සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම් සිදු වූ අතර ඒ සඳහා මෙම විමර්ශන කටයුත්ත අගතියට පත්වූවන්ගේ ප්රකාශ,ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ප්රකාශ,CCTV දර්ශන,ෆේස්බුක් ලයිව් වීඩියෝ,රූපවාහිනී නාලිකාවල දර්ශන සහ වෙනත් පරිවේෂණීය සාක්ෂි මත යොදා ගැනුණා.
ඉතින් මෙවැනි සාමූහිකව සිදු කරනු ලබන අපරාධමය ක්රියාවල දී එම ස්ථානයේ රැදී සිටින පුද්ගලයන් නීතිය ඉදිරියේ වරදකරුවන් කළ හැකිද යන්න සොය බැලිය යුතු කරුණක්.
⚜️ යම් පුද්ගල කණ්ඩායමක් යම් අපරාධමය ක්රියාවක් කිරීමට සැලසුම් කරගෙන ගොස් එම ක්රියාව සදහා එම කණ්ඩායමේ කිහිප දෙනෙක් පමණක් දායක වී අනෙක් අය එම ස්ථානයේ සිටියා වුවද සියලු දෙනාටම එකම වගකීමක් පැවරීමට නීතිමය සංකල්ප පවතී.
⚜️ මෙය ශ්රී ලංකා නීතිය තුළ හඳුන්වන්නේ "පොදු චේතනාව" (Common Intention )ලෙසයි.
⚜️ එසේ පස්දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් යම් අපරාධමය ක්රියාවක් සිදු වීමට ඉඩ ඇති බව දනිමින් යම් නීතිවිරෝධී රැස්වීමට සහභාගි වුවහොත් එම එහිදී සිදුවන සියලු අපරාධවලට සමානව වගකීම දැරිය යුතුයි.
⚜️ මෙය ශ්රී ලංකා නීතිය තුළ නීතිවිරෝධී රැස්වීම (Unlawful Assembly ) නොඑසේ නම් "පොදු අරමුණ" (Common Object ) යනුවෙන් හඳුන්වයි.
⚜️ නමුත් ඔබ කිසිදු අපරාධයකට සම්බන්ධ නොවී අපරාධ ස්ථානයක හුදු සිටීම මගින් අපරාධ වගකීමක් හට නොගනී.
⚜️ නමුත් මෙම කාරණාව තීරණය වන්නේ අත්අඩංගුවට පත් වීමෙන් අනතුරුව පවත්වන නඩු විභාගයක් අවසානයේ නිසා එවන් ස්ථානවල රැදී නොසිටීම ඔබගේ වගකීක්.
⚜️ ශ්රී ලංකාවේ පවතින නිති තත්වය මෙය නිසා ඔබ යම් කලහාකාරී ක්රියාවකට සෘජුව දායකත්වය නොදැරූව ද එම ස්ථානයේ සිටිමින් ඔවුන් දිරිමත් කිරීම,ඔවුන්ට පහසුකම් සැලසීම,ඔවුන්ගේ අරමුණම ඔබගේ අරමුණ ලෙස සිතා කටයුතු කිරීම සහ මෙවැනි අපරාධමය ක්රියා සිදු වන බව දැන දැනම කලහාකාරී පිරිසේ සාමාජිකයෙක් වීම තුළ ඔබ සම්බන්ධව අපරාධමය වගකීමක් ජනිත වීමේ හැකියාවක් බොහෝ විට ඇති වෙයි.
- නීතිඥ සාරංග වාදසිංහ -
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |