ව්‍යවස්ථාවට අනුව ජනපති ධුරය හිස් විය හැකි අවස්ථා.

Parliament of Sri Lanka Gotabaya Rajapaksa Ranil Wickremesinghe Government Of Sri Lanka President of Sri lanka
By Wayomi Jul 22, 2022 05:47 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලා යාමත් සමඟ එය ඔහු තම ධුරය හැර යාමක් ලෙසයි සැලකුවේ. ඉන් පසුව අනුප්‍රාප්තික ජනපති පත්වීමක් සිදු වූ අතර මේ සම්බන්ධව ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙන්නේ මොනවද කියලා බලමු.

ජනපති ධුරය හිස් වන්නේ මෙහෙමයි.

38. ( 1)

(අ) ජනාධිපතිවරයායි මිය ගිය හොත්,

( ආ) කතානායකවරයා වෙත තමාගේ අත්සන දමා යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයා තම ධුරයෙන් අස් වුවහොත්, සහ

( ඇ) ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුව සිටීම නතර වුවහොත්, එනම් ඔහු වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීම සහ රටින් පලා යෑම.   


40 වන වගන්තිය :


ජනාධිපතිවරයා ධුර කාලය අවසන් වීමට පෙර ධුරය හැර ගියහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තියේ විධිවිධාන අනුගමනය කළ යුතුයි. ඒ අනුව වර්තමාන සංදර්භය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 (1) (අ) සහ (ආ) යන වගන්තිවල විධිවිධාන අදාළ වෙයි.

40 (1) (අ) සහ (ආ) වගන්ති වල විධිවිධාන සියල්ලම එකට,  

? ජනාධිපති පදවිය සඳහා තේරී පත් වීමට සුදුසුකම් සහිත මන්ත්‍රීවරයෙකු ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමේ හැකියාව එමගින් ලැබේ .

? මැතිවරණය පැවැත්වෙන්නේ රහසිගත ඡන්දයෙන් වන අතර ඒකාන්ත බහුතරයක් ලබා ගන්නා අපේක්ෂකයා ජයග්‍රහණය කරයි.

? මේ වගන්තිය යටතේ පත් කරනු ලබන ජනාධිපතිවරයාට ධූරය දැරිය හැක්කේ ධූරය හැර ගිය ජනාධිපතිවරයාගේ ධුර කාලයක් ඉතිරි වී තිබුණ කාල සීමාව සඳහා පමණයි.

? පාර්ලිමේන්තුව විසින් ජනාධිපති තනතුරේ පුරප්පාඩුවක් ඇති වී දින 30ක් ඇතුලත අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගත යුතුයි .

? ඉල්ලා අස්වීම වැනි හේතුවක් මත ජනාධිපතිවරයා ධුරයෙන් පුරප්පාඩු ඇති වූ දිනයේ සිටඅලුතෙන් තෝරා පත් කරගන්න ලද ජනාධිපතිවරයා ධුරයේ රාජකාරී භාර ගන්නා තෙක් කාලය තුළ අගමැතිවරයා ජනාධිපති ධුරයේ වැඩ බලනු ඇත. වැඩබලන ජනාධිපතිවරයා විසින් ඇමැති මණ්ඩලයේ වෙනත් ඇමැතිවරයකු අගමැති ධුරයේ වැඩ බැලීම සඳහා පත් කරනු ලබනවා.


38 වන වගන්තිය සහ 40 වන වගන්තිය පහත රූප සටහන් මඟින්

 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW


GalleryGalleryGalleryGalleryGallery