පුටින් න්‍යෂ්ටික හමුදාව භාවිතයට සැරසේ..රූ රැජිණකුත් සටනට එක්වෙයි - බිහිසුණු යුද්ධයේ නවතම දර්ශන මෙන්න..(VIDEO) (Live Update)

By Sewvandhi Feb 27, 2022 01:33 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

27/02/2022 Update 

රූ රැජිණකුත් සටනට එක් වෙයි

පවතින තත්ත්වය හමුවේ තම රට වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාවට එක්වීමට 2015 වසරේදී යුක්රේන රූ රැජිණ ලෙස කිරුළු පැළදි 24 හැවිරිදි ඇනස්ටාසියා ලෙනින් තීරණය කර තිබෙනවා.

මේ අතර,රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල් දැඩි ලෙස සහ එකමුතුව ප්‍රතිචාර දක්වයි. ඊට ප්‍රතිචාර වශයෙන් රුසියානු ජනාධිපති පුටින් එරට න්‍යෂ්ටික හමුදාව සීරුවෙන් තබා ඇත.

නේටෝවේ ආක්‍රමණශීලී හැසිරීම සහ රුසියානු හමුදා නායකත්වයට පැනවූ ආර්ථික සම්බාධක හේතුවෙන් ඔහු මෙය නියෝග කළ බව පුටින් රූපවාහිනියෙන් පැවසීය.

ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සමඟ රූපවාහිනී සාකච්ඡාවකදී පුටින් පැවසුවේ “රුසියානු හමුදාවේ ආරක්ෂක හමුදා විශේෂ සටන් සූදානමක් මත තබන ලෙස මම ආරක්ෂක ඇමතිට සහ සාමාන්‍ය මාණ්ඩලික ප්‍රධානියාට උපදෙස් දෙමිනි

ඊනියා රුසියානු මර්දන බලවේගවලට න්‍යෂ්ටික අවි ඇතුළත් විය හැකිය. 

යුක්රේන අගනුවර තුල මේ වන විට ඇදිරි නීතිය ක්‍රියාත්මක අතර කිසිදු පුද්ගලයෙකුට නිවෙස් වලින් බැහැර වීමේ අවසර හිමි නොවන අතර එලෙස පිටවන පිරිස් රුසියානු හිතවාදීන් ලෙස නම්කරන බවයි යුක්රේන රජය ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත්, යුක්රේන සිවිල් වැසියන්ද මේ වන විට නගරය ආරක්ෂා කර ගැනීමට රුසියානු හමුදාවන්ට එරෙහිව යුද වදිමින් සිටින අතර, පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කරමින් රුසියානු හමුදා පසුබට කිරීමට උත්සහ දරන ආකාරය දැක්වෙන විඩියෝද මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.

ඇමරිකාව, ජර්මනිය, නෙදර්ලන්තය හා ප්‍රංශය යන රටවල් මේ වන විට යුක්රේනයට අවශ්‍ය අවි ආයුධ ලබාදෙමින් සිටින අතර, නේටෝ සංවිධානය නැගෙනහිර යුරෝපයේ සිය භට පිරිස් ඉහල නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.

27/02/2022 Update 

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියානු පාබල හමුදා ඇතුළු වී තිබේ. ඒ අනුව මේ වන විට යුක්‍රේන හමුදා සහ රුසියානු හමුදා අතර දරුණු ගැටුම් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මිලියන එකයි දශම හතරක ජනතාවක් රැඳිසිටින කාර්කිව් නගරයේ ජනතාවට නිවෙස්වල රැඳී සිටින ලෙස ද යුක්‍රේන රජය දැනුම් දී තිබේ. මේ වන විට රුසියානු හමුදා එල්ල කළ  ප්‍රහාර හේතුවෙන් නගරයේ ස්වභාවික ගෑස් නලයක් ද පුපුරාගොස් ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් මේ වන විට යුක්‍රේනයේ කියුව්, කාර්කිව් ඇතුළු රටපුරා ප්‍රදේශ රැසක දරුණු ගැටුම් හටගෙන ඇති බවට වාර්තා වන අතර රුසියානු හමුදා, ගුවනින්, ගොඩබිමින් සහ මුහුදු ප්‍රදේශවලින් ද දරුණු ප්‍රහාර එල්ල කරමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක ඉගර් කොනර්ෂෙන්කොව් සඳහන් කර ඇත්තේ, සමස්තයක් ලෙස රුසියානු සන්නද්ධ හමුදාව යුක්‍රේනයේ හමුදා ඉලක්ක 821කට ප්‍රහාර එල්ල කර ඇති බවය.

රේඩාර් මධ්‍යස්ථාන 48ක් ද එම ඉලක්ක අතර පවතින බව සඳහන් කර ඇති ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකයා පෙන්වාදෙන්නේ, එම ප්‍රහාර හමුදා ඉලක්ක වෙත පමණක් සිදුකළ බවත් නිවාස හෝ පොදුස්ථාන කිසිවක් ප්‍රහාරවලින් විනාශ වී නොමැති බවත්ය.

මේ අතර යුක්‍රේනය පවසන්නේ මේ වන විට රුසියානු හමුදා සෙබළුන් 4,300ක් පමණ ඝාතනය වී ඇති බවය. එමෙන්ම ගුවන් යානා 27ක් හෙළිකොප්ටර් 26ක් සහ යුද ටැංකි 146ක් විනාශ කළ බවද එම වාර්තා සඳහන් කළේය.

රුසියානු ප්‍රහාරවලින් මේ වන විට යුක්‍රේන ළමුන් තිදෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 200කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ද නිල වාර්තාවල දැක්වේ.

යුක්රේන හමුදා ප්‍රහාර හමුවේ රුසියානු යුද ටැංකි ඇතුළු වාහන 20කට අධික ප්‍රමාණයක් කාර්කිව් පළාතේ ගිනි ගෙන විනාශ වී ඇති අයුරු දැක්වෙන වීඩියෝ පෙලක් මේ වන විට හුවමාරු වෙමින් පවතී.

පවතින යුද ගැටුම් හමුවේ යුක්‍රේන වැසියන් ලක්ෂ 3කට වැඩි පිරිසක් එරටින් පළාගොස් තිබේ. තවත් දහස් සංඛ්‍යාත පිරිසක් රටින් පිටව යාමේ අපේක්ෂාවෙන් පොලන්ත දේශසීමාවේ රැඳීසිටින බවද විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ අතර රුසියානු අක්‍රමණයන්ට එරෙහිව මුහුණදීම සඳහා යුක්‍රේනය වෙත යුද ආධාර ලබාදීමට ග්‍රීසිය තීරණය කර තිබේ. ඒ අනුව අවි ආයුධ ඇතුළු යුද උපකරණ රැගත් ගුවන් යානා දෙකක් පොලන්ත සීමාව බලා පිටත් කර හැරීමට නියමිත බව සඳහන් වේ.

රුසියාව විසින් මරියුපෝල් නගරය ආසන්නයට එල්ල කළ ප්‍රහාරයකින් ග්‍රීක ජාතිකයින්  10 දෙනෙකු මියයාමට එරෙහිව මෙලෙස යුක්‍රේනය වෙත යුද ආධාර ලබාදීමට ග්‍රීසිය තීරණය කර ඇත. මේ වන විට අමෙරිකාව, ජර්මනිය සහ නෙදර්ලන්තය ඇතුළු රටවල් කිහිපයක්ම යුක්‍රේනය වෙත අවි සැපයීමට ඉදිරිපත්ව සිටී.

විදෙස් මාධ්‍යය