පිටියේදී පිතිකරුවන්ට එරහිව නැගී සිටින භයානක අවි.
ලංකාවේ වගේම ලෝකයේ ගොඩක් අය ආදරේ කරන ක්‍රීඩාවක් තමයි ක්‍රිකට් කියන්නේ. ක්‍රිකට් තරඟයක් ජය ගන්න නම් පිත්තෙන් පහරක් ගැහුවට විතරක් මදියි. ඒකට පන්දු යවන්නාගේ හැකියාවත් හොඳින්ම බලපානවා. ක්‍රිකට් තරඟයකදී පන්දු යවන්නාත්, පිතිකරුවාත් අතර තියෙන්නේ එක්තරා ආකාරයක මානසික සටනක්. ඒ වගේම ප්රයෝගයන් අතර හැප්පීමක්. ඉතින් මේ කියන්න යන්නෙත් පිතිකරුවන්ගේ වේගය සීමා කරන්න පන්දු යවන්නන් විසින් නිපදවන භයානක අවි කිහිපයක් ගැනයි.
- දූස්රා (Doosra)
දූස්රා පන්දුව කියන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තට දඟ කැවෙන පන්දුවක්. පිට දඟ පන්දුවේ විදිහටම ඇඟිලි කරකවලා එවන ගමන් කරන පොඩි වෙනස්කමක් නිසා තමයි දූස්රාව අනිත් පැත්තට කැපෙන්නේ. ඒ කියන්නේ පන්දු යවන්නා මැණික් කටුව ලොක් කරගෙන සුපුරුදු දබර සහ මැද ඇඟිලි වෙනුවට මාපට සහ මුදු ඇඟිලි භාවිතා කරමින් එම මැණික් කටුව ආධාරයෙන් පන්දුව ලබා දෙනවා. දූස්රා දැන් ඕෆ්-ස්පින් ආයුධ ගබඩාවේ වැදගත් අංගයක්.
මේ පන්දුව මුලින්ම ලෝකයට හඳුන්වා දෙන්නේ හිටපු පකිස්ථානු දඟපන්දු යවන්නෙක් වුණු සක්ලේන් මුෂ්ටාක්. ඕස්ට්‍රේලියාවත් එක්ක ක්‍රීඩා කරපු තරඟයකදි සක්ලේන් මේ පන්දුව දාලා ඕස්ට්‍රේලියානුවන් කොර කරලා තියනවා. මෙහිදී කඩුළු රැකපු මොයින් ඛාන් දූස්රා එක දාන්න සක්ලේන්ට ඇවිටිලි කරලා තියෙනවා. පස්සේ මේක ස්ටම්ප් මයික් එක හරහා අහගෙන හිටපු විස්තර විචාරක ටෝනි ග්‍රේග් තමයි මේ පන්දුව දූස්රා නමින් ජනප්‍රිය කරන්නේ. 2014 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී එංගලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක මොයින් අලී දූස්රා පන්දු යවමින් දස්කම් දක්වා තිබෙනවා.
- ගූග්ලි (Googly)
ගුග්ලි යන්නෙන් අදහස් කරන්නේ දකුණත් පා දඟ පන්දු යවන්නෙකු විසින් යවන ලද පන්දු යැවීමක්. එය පා දඟ පන්දු යවන්නෙකුගේ සාමාන්‍ය පන්දු යැවීමට වඩා වෙනස් වන්නේ එය අනෙක් පැත්තට හැරීමයි. ගූග්ලි යනු සාමාන්‍ය ඕෆ් ස්පින් වර්ගයේ පන්දු යැවීමේ වෙනසක් නෙවෙයි, සාමාන්‍ය පා දඟ පන්දුව යවන විදිහටම සුළු වෙනස්කමක් ඇතුව දාන මේ පන්දුව දඟ කැවෙන්නේ අනිත් පැත්තටයි. බොහෝ විට පන්දුව එළියට කැපෙයි කියලා පිතිකරුවා රැවටිලා කඩුල්ල මුවා කළ වරදට හසුකරවන්න සමත් වෙන පන්දුවක් මේක. මේ පන්දුව හොයාගෙන තියෙන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් වන බර්නාඩ් බොසන්කෙට්.
- ෆ්ලිපර් (Flipper)
මෙය පා දඟ පන්දු යවන්නෙක් සතු තවත් විශේෂ එහෙමත් නැත්නම් භයානක අවියක්. ප්‍රගුණ කරන්න තරමක් අපහසු පන්දුවක් වන මේ පන්දුවේදී පන්දු යවන්නා විසින් පන්දුවට බැක් ස්පින් එකක් යොදවනවා. ඒ කියන්නේ මේක පිටුපසට දඟ කැවෙන පන්දුවක්. ඒ හින්දා මේ පන්දුව තණතිල්ලේ පතිත වුණාට පස්සේ වැඩි වේගයකින් ඉතාම පහළින් තමයි ගමන් කරන්නේ. ඒ නිසාම මේ පන්දුව පිතිකරුවාව අසරණ කරන්න සමත්වෙනවා. මේ පන්දුව හොයාගෙන තියෙන්නේ, ඕස්ට්‍රේලියාවට ක්‍රීඩා කරපු ක්ලැරී ග්‍රිමට්.
- යෝකර් (Yorker)
අපේ ලසිත් මාලිංගගේත් ප්‍රියතම පන්දුවක් වන යෝකර් පන්දුව කියන්නේ වේග පන්දු යවන්නෙක් විසින් යවනු ලබන ක්‍රීඩාවේ ජවය මනාවට ඉස්මතු කර පෙන්වන පන්දුවක්. මෙය පිතිකරුවාගේ කකුල් අසලටම පතිත වන අතර යෝකර් පන්දු යවන්නන්ට පන්දු යැවීමට අපහසුම පන්දුවලින් එකක් ලෙස සැලකෙනවා. මේ පන්දුවේ ආරම්භය එංගලන්තයේ යෝර්ක්ෂයර් වලදී සිද්ධ වුණා කියලා තමයි කියන්නේ. ඒ නිසාම මේ පන්දුවට යෝකර් නම් වැටිලා තියෙනවා. කියලා කියනවා.
- රිවර්ස් ස්විංග් (Swing bowling)
මේකත් වේග පන්දු ක්‍රමයක්. පන්දුවක් රිවර්ස් ස්විංග් වීමකට ලක්වෙනවා කියන්නේ ඉතින් පිතිකරුවට දෙයියන් බුදුන් සිහිකරගෙන තමයි පන්දුවට පහර දෙන්න වෙන්නේ. රිවර්ස් ස්විංග් එක දාන්න නම් පන්දුව ටිකක් පරණ වෙන්න ඕන. පන්දුවේ එක පැත්තක දිස්නය පවත්වාගෙන යන ගමන් අනිත් පැත්ත පරණ වීමට හැරීමෙන් තමයි රිවර්ස් ස්විංග් එක දාන්න හැකියාව ලැබෙන්නේ. ඒක නිසා තමයි පන්දු යවන්නන් විසින් පන්දුවේ කෙල සහ දහඩිය යොදමින් පන්දුවේ එක් පැත්තක් අඛණ්ඩව ඔප දමන්නේ. පන්දුවේ රළු සහ සිනිඳු පැති හරහා වාතය ගලා යාමේ වේගය පන්දුව රළු පැත්තට සහ දිලිසෙන පැත්තෙන් ඉවතට පියාසර කරවීමට හැකි වෙනවා. මේ භයානක පන්දුව ලෝකයට හඳුන්වා දෙන්නේ පකිස්ථානු ක්‍රීඩක සර්ෆ්රාස් නවාස්.
- කැරම් බෝල් (Carrom_ball)
මෙම පන්දු යැවීමේ විලාසය භාවිතා කළ පළමු පන්දු යවන්නා වූයේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඕස්ට්‍රේලියානු ජාතික ජැක් අයිවර්සන්. කැරම් ක්‍රීඩාවේදී ඩිස්ක් එක යොමු කරනවාට සමාන ඉරියව්වකින් තමයි කැරම් පන්දුවේදි පන්දුව මුදා හැරෙන්නේ. අනිත් පන්දු වලදි වගේ නෙමෙයි කැරම් පන්දුවෙදි දඟ කැවෙන නියත දිශාවක් නැහැ. පන්දුව අල්ලාගන්නා ආනතිය අනුව තමයි මේ පන්දුවේ දඟකැවීම තීරණය වෙන්නේ. ඒ නිසා වමට, දකුණට වගේම කෙළින්ම ගමන් කරන විදිහටත් කැරම් පන්දුව යවන්න පුළුවන්. මේ පන්දුව ජනප්‍රිය කරවීමේ මූලික ගෞරවය හිමිවෙන්නේ අපේ අජන්ත මෙන්ඩිස්ට. ඒ වගේම කැරම් පන්දුවෙන් හොඳට වැඩ ගන්න ක්‍රීඩකයෙක් තමයි ඉන්දියාවේ රවිචන්ද්‍ර අශ්විනු.
- තීස්රා (Teesra)
තීස්රා කියන්නේ දූස්රා වගේම පිතිකරුවන්ව මුලාවේ හෙලන පන්දුවක්. දූස්රාවෙයි තීස්රාවෙයි වෙනස තියෙන්නෙ දඟකැවෙන ප්‍රමාණයෙයි. තීස්රා පන්දුවෙදි පන්දුව කැරකි කැරකී එද්දි ලොකු දඟකැවීමක් සිද්ධ වේවි කියලා පිතිකරුවාට හිතෙනවා. ඒත් පන්දුව දඟකැවෙන්නේ ඉතාම අඩුවෙන්. මේ නිසා පිතිකරුවා රැවටීමට ලක්වෙලා දැවී යන්න හේතු වෙනවා. තීස්රාවත් දිගු අතීතයක් සහිත පන්දුවක් වුණත්, මේ නමින් ඒක ජනප්‍රිය වන්නේ සක්ලේන් මුෂ්ටාක් ඒ පන්දුව යවන්නට පටන් ගැනීමත් එක්කයි. ඒ නිසාම දූස්රාවේ වගේම තීස්රාවෙත් සොයාගැනීමේ ගෞරවය හිමිවෙන්නෙ සක්ලේන් මුෂ්ටාක්ටයි.