පොලීසියේ දෙදෙනෙක්ගේ වැඩ තහනම් වෙයි..

Police spokesman Sri Lanka Police Latest Headlines Decision Making
By krishani Mar 16, 2024 05:25 PM GMT
Report

පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

පොලීසියේ දෙදෙනෙක්ගේ වැඩ තහනම් වෙයි.. | Two Police Officers Will Be Suspended

ඒ අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්ගේ ය. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව යටතේ ඔවුන් දෙදෙනා වැඩ තහනමට ලක් කර ඇති බවයි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘‘සමන් කොල්ලා‘‘ යන අයගේ නිවසට පසුගියදා වෙඩි ප්‍රහාරයක් එල්ල වු අතර ඒ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පණිවුඩය පිළිබඳව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් නොකිරීම මෙම වැඩතහනමට හේතු වී ඇත.

මෙලෙස වැඩ තහනමට ලක් වී ඇත්තේ එම අවස්ථාවේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ දුරකථන ක්‍රියාකරු සහ පරිගණක ක්‍රියාකරු ලෙස සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ය.

කෙසේ වෙතත්, අදාළ නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබෙනවා.