දඩය කන්න කලින් ගාන බලලා ඉන්න.
අපේ මිනිස්සුන්ගේ තියෙන පුරුද්දක් තමයි එක වැරැද්දක් කළාම ඒ වැරැද්ද හදාගන්නේ නැතිව ආයේ ආයෙත් ඒ වැරැද්දම කරන එක. ඒක මේ රටේ මිනිස්සුන්ගේ ගතියක්. ඒ නිසාමයි පාරේ යද්දී වුණත් හැමදාම දඩ කන්නේ. ඉතින් මේ කියන යන්නේ රථ වාහන වැරදි, එහෙමත් නැත්නම් පාරේ යද්දී ඔබ කරන වැරදි වලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද සහ දැනට ලංකාවේ ක්‍රියත්මක අවම සහ උපරිම දඩ මුදල් ගැනයි
(2019.6.20 දින සිට ක්‍රියාත්මක වන 2019 අංක 10 දරන මෝටර් වාහන (සංශෝධන) පනතට අනුව )
- රියදුරු බලපත්‍රය නොමැතිව ධාවනය - පළමුවරට රු.25000 - රු.30000.
ඉන් පසුව- රු.30000 - රු.50000.
- රියදුරු බලපත්‍රය නොමැති අයෙකුට ධාවනයට ඉඩ දීම - පළමුවරට රු.25000-රු.30000. ඉන් පසුව - රු.30000-රු.50000.
- 123 (ඇ) යටතේ නියමිත වයස් සීමාවට නොඑළඹ සිටියදී ධාවනය- පළමුවරට රු.30000-රු.40000. ඉන් පසුව - රු.40000-රු.50000.
- අධික වේගයෙන් ධාවනය
*වේග සීමාව 20/100 දක්වා - රු.3000-රු.5000.
*වේග සීමාව 20/100 සිට 30/100 දක්වා - රු.5000-රු.10000.
*වේග සීමාව 30/100 සිට 50/100 දක්වා - රු.10000-රු.15000.
*වේග සීමාව 50/100 ට වැඩි - රු.15000 - රු.25000.
- දුම්රිය මාර්ගය හරහා නොසැලකිලිමත්ව ධාවනය - පළමුවරට රු.25000-රු.30000.
දෙවනවරට රු.30000 - රු.40000. (රි.බලපත්‍රය මාස 6 ක් දක්වා අත් හිටවීම).
ඉන්පසුව රු.40000 - රු.50000. (රි.බලපත්‍රය මාස 12 ක් දක්වා අත් හිටවීම).
- මෝටර් රථ ධාවනයේදී ජංගම දුරකථන හෝ සන්නිවේදන උපකරණ භාවිතය. - 224 වගන්තිය යටතේ පොදු දණ්ඩනය සහ 215 (අ) යටතේ ස්ථානීය දඩ මුදලකට යටත් විය යුතු බව පනතේ දක්වා ඇත. (2019/10,5(2) බලන්න)
- බීමතින් රිය ධාවනය .(216 වගන්තිය ) - රු.25000-රු.30000. (මාස 3 ක් දක්වා සිර දඩුවම සහ මාස 12 දක්වා රියදුරු බලපත්‍රය අත් හිටවීමට ඉඩ ඇත.)
- බීමත්ව මුදලකට හෝ දීමනාවකට මගී ප්‍රවාහනය (216-අ .වගන්තිය) - රු.25000-රු.30000. (මාස 6 ක් දක්වා සිර දඩුවම හෝ එම දෙකම සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීම කළ යුතු බව පනතේ දක්වා ඇත.(2019/10 පනතේ 8 වගන්තිය බලන්න).
- බීමත්ව රිය පදවා යම් පුද්ගලයකුගේ මරණය සිදු කිරීම (216-ආ.අ) - දඩය රු.100000- රු.150000. හෝ වසර 2 කට නොඅඩු සහ වසර 10 ට නොවැඩි කාලයක් සදහා බන්ධනාගාර ගත කිරීම හෝ එම දඩුවම් දෙකම හෝ රියදුරු බලපත්‍රය අවලංගු කිරීම යන දෙකටම ඔහු යටත් විය යුතුය යනුවෙන් පනතේ ඇත.(2019/10-9(අ) වගන්තිය බලන්න.
- බීමත්ව රිය පදවා සුලු තුවාල සිදු කිරීම . දඩය රු.30000-රු.50000. සිර දඩුවම වසර එකකට නොවැඩි කාලයක් සදහා. එම දඩුවම් දෙකම හෝ ," රියදුරු බලපත්‍රය අවලංගු කිරීම කරන්න ඕන බව පනතේ (2019/10-9(ආ.i බලන්න)
- බීමත්ව රිය පදවා බරපතල තුවාල සිදු කිරීම.රු.50000-රු.100000 දඩය වසර 5 දක්වා සිර දඩුවම ඉහත දඩුවම් දෙකම හෝ ඊට අමතරව රියදුරු බලපත්‍රය අවලංගු කරනු ලැබිය යුතුය යනුවෙන් පනතේ ඇත.(2019/10,9 (ආ.ii බලන්න)
- අපරික්ෂාරී ලෙස හෝ අන්තරාදායක ලෙස රිය පැදවීම .(151(2)(217 වගන්තිය 2019/10,10 (i)
දඩය පළමු වරට රු.10000-රු.25000.
දෙවන වරට රු.15000-රු.30000. (රියදුරු බලපත්‍රය අවලංගු කිරීම ගැන දක්වා ඇත,නමුත් කාලසීමාව දක්වා නැත.)
තුන්වන හෝ පසු වරකදී දඩය රු.20000-රු.40000. (මාස 6 දක්වා සිර දඩුවම.)
- නොසැලකිලිමත් ලෙස හෝ මාර්ගය භාවිතා කරනු ලබන අන් අය ගැන සාධාරණ විමසිලිමත් භාවයකින් තොරව රිය පැදවීම .(151(3),217(2).
දඩය පළමුවර රු.10000 - රු.25000.
දෙවන වර දඩය රු.15000 - රු.30000.
තුන්වන හෝ පසු දඩය රු.20000-රු.40000. (රියදුරු බලපත්‍රය මාස හයක කාලයක් සදහා අත් හිටවනු ලැබීමට .ලෙස පනතේ දක්වා ඇත.)(2019/10-2 වගන්තිය බලන්න).
- රක්ෂණ සහතිකය නොමැතිව රිය පැදවීම. රු.25000-රු.50000. දඩ හෝ. මාසයකට නොවැඩි කාලයක් සඳහා සිර දඩුවම හෝ ඒ දෙකම හෝ ලෙස පනතේ දක්වා ඇත.(2019/10,11 වගන්තිය බලන්න)
අමතරව මාස 12 ක කාලසීමාවක් සඳහා රියදුරු බලපත්‍රය අත් හිටවිය යුතු බව මුල් පනතේ 136(4) දක්වා ඇත.
- පොදු දඩුවම් වගන්තිය වන 224 යටතේ දඩ
පළමුවර රු.2500-රු.7500.
දෙවනවර රු.7500-රු.15000.
තුන්වන හෝ පසු රු.15000-රු.25000.
- විමෝචන සහතිකය හෝ යෝග්‍යතා සහතිකය රැගෙන නොයෑම ගැන පෙර කී 224 යටතේ දඩ සහ 215(අ) යටතේ ස්ථානීය දඩයක් ද නියම කළ හැක.